
දකුණු කොරියාවේ වෘත්තිය පුහුණු හා ශිෂ්ය හුවමාරු වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා නව අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතව තිබේ.
කම්කරු අමාත්යංශය සඳහන් කළේ මේ සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීමට හෙට (02) දිනයේදී දකුණු කොරියාවේදී සිදුවනු ඇති බවය.
මේ සඳහා කම්කරු අමාත්යාංශය, ශ්රී ලංකා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්ය ආයතනය, කොරියානු ජනරජයේ ග්යොංසංනම්-ඩෝ පළාත, සචියොන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ චැංෂින් විශ්වවිද්යාලය අතර මෙම නව ගිවිසුමට අත්සන් තැබීම සඳහා කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා පසුගිය 30 දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.
අමාත්යවරයාට අමතරව කම්කරු අමාත්යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස, වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ජයලත් ඇතුළු පිරිසක් ද මේ සඳහා එක්ව තිබේ.
මෙම නව ගිවිසුම් අත්සන් කිරීමත් සමග කම්කරු අමාත්යාංශය යටතේ ක්රියාත්මක ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්ය ආයතනය මගින් තෝරාගනු ලබන මෙරට සිසුන්ට කොරියානු ජනරජයේ චැෂින් විශ්වවිද්යාලයේ උසස් අධ්යාපනය ලැබීමට අවස්ථාව හිමි වේ.
එමෙන්ම අධ්යාපනයෙන් අනතුරුව එම සිසුන්ට ග්යොංසංනම්-ඩෝ පළාතේ කර්මාන්ත ආයතනවල රැකියා අවස්ථාද, එම පළාතේ දීර්ඝකාලීනව පදිංචිවීමේ අවස්ථාවද ලබා දීමට මෙමගින් අපේක්ෂිතය.
මෙම වෘත්තිය හා පුහුණු ශිෂ්ය හුවමාරු වැඩසටහන් සඳහා වූ අදාළ ගිවිසුම්වලට පසුගියදා කැබිනට් අනුමැතියද හිමිවිය.



















































