
ඕනෑම සතුරු තර්ජනයකට එරෙහිව භූගෝලීය සීමාවන්ගෙන් තොරව ක්ෂණිකව ප්රතිචාර දැක්වීමට පූර්ණ සූදානමකින් පසුවන ලෙස ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා මොජ්තාබා කමේනි විසින් එරට සන්නද්ධ හමුදාවල ජ්යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ට නියෝග කර තිබේ.
ඉරාන රාජ්ය පුවත් සේවය වන 'IRNA' වාර්තා සඳහන් කරන පරිදි, එරට හමුදා ප්රධානීන් සහ උසස් නිලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී උත්තරීතර නායකයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.
මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, රටේ උපරිම ආරක්ෂාව සහ සූදානම තහවුරු කර ගැනීම සඳහා සතුරන්ට එරෙහිව දැඩිව සහ නොපසුබටව මුහුණ දීම අත්යවශ්ය කරුණක් බවය.
එමෙන්ම, සතුරන් විසින් නැවත වරක් යම් හමුදාමය හෝ ත්රස්තවාදී ප්රහාරයක් එල්ල කිරීමට කටයුතු කළහොත්, එම ගැටුමේ නිමාව සනිටුහන් වන වේලාව සහ ඊට අදාළ කොන්දේසි තීරණය කරනු ලබන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදාවන් සහ ඉරාන ජනතාව විසින් බවද උත්තරීතර නායකයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කර ඇත.
"සතුරන් නැවත වරක් මිලිටරි හෝ ත්රස්තවාදී ප්රහාර දියත් කළහොත්, ඔවුන්ගේ අවසානය සඳහා කාලය සහ කොන්දේසි තීරණය කරනු ලබන්නේ ඉස්ලාමීය ජනරජයේ සහ ඉරාන ජාතියේ සන්නද්ධ හමුදාවන් විසිනි" කමේනි එහිදී පවසා තිබේ.



















































