header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
17 වනදා රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට
17 වනදා රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට
Mobitel 1278

රට පුරා පසුගිය 17 වැනි දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබේ.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් මිලි තත්ත්පර 450ක් ඇතුළත පද්ධතියෙන් අහිමි වූ බවය.

ඒ සමග විදුලි පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 48.75 දක්වා වේගයෙන් පහත වැටී ඇති අතර අදාළ සිදුවීම ආරම්භ වී තත්ත්පර 4.1ක් ඇතුළත සමස්ත විදුලි පද්ධතිය බිඳවැටී ඇති බවද අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

විදුලි පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටෙන අවස්ථාවලදී එහි ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්‍රමවේදයේ ((Under Frequency Load Shedding – UFLS) අදියර 05ම එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී ඇති බවද ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම අදාළ වාර්තාව මගින් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙගාවොට් 449.2කට සමාන විදුලියක් විසන්ධි වී ඇති අතර එය බිඳ වැටීමට පෙර පැවැති මෙගාවොට් 1,135ක සමස්ත විදුලි ජනනයෙන් 39.6%කට සමාන බවද අදාළ වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වුවත් අදාළ සිදුවීමෙන් විදුලි පද්ධතියේ සම්පූර්ණ බිඳ වැටීම වැළැක්වීමට නොහැකි වී ඇති බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

බලාගාර කිහිපයකුත් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වී අක්‍රීය වෙයි

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ ජනන ඒකකවලට අමතරව වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, සමනලවැව, ලක්ෂපාන සහ තවත් ජල විදුලි බලාගාර කිහිපයක ජනන ඒකකද ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වීම හේතුවෙන් අක්‍රීය වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

විදුලි පද්ධතියේ බිඳ වැටීමෙන් අනතුරුව එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වහා ආරම්භ කිරීමට ජාතික පද්ධති ක්‍රියාකාරු සමාගම කටයුතු කර ඇති අතර ඒ අනුව සමස්ත සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 05යි මිනිත්තු 15ක කාලයක් ගතවූ බවද එහි සඳහන් කර ඇත.

ඒ අනුව ප්‍රධාන පද්ධති 04ක් භාවිත කරමින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු සමගාම කටයුතු කර ඇති අතර ඒ අනුව මහවැලි පද්ධතිය යටතේ කොත්මලේ සහ වික්ටෝරියා, ලක්ෂපාන පද්ධතිය යටතේ නව ලක්ෂපාන සහ විමලසුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරය, සමනලවැව/ දකුණු පද්ධතිය යටතේ සමනලවැව සහ කුකුලේගඟ, මෙන්ම කොළඹ පද්ධතිය යටතේ කැලණිතිස්ස පද්ධති 04 භාවිත කරමින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

එමෙන්ම වාර්තාවට අනුව සියලුම ප්‍රධාන උපපොළවල් පස්වරු 4:58 වන විට යථා තත්ත්වයට පත් කිරීමට සමත්වී ඇති අතර ඒ අනුව සමස්ත ජාතික සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 05 මිනිත්තු 15ක් ගතවී ඇති බවද වාර්තාව මගින් අනාවරණය කර ඇත.  

විදුලිය පද්ධතියට එක් කිරීමේදී ජනන බලාගාරවල තාක්ෂණික ගැටළු

මෙම විදුලි පද්ධතිය නැවත ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් ජනන බලාගාරවල තාක්ෂණික ගැටලු සහ මෙහෙයුම් ප්‍රමාදයන්ද වාර්තා වී ඇති බවත් ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

විශේෂයෙන් යුගදනවි විදුලි බලාගාරයේ ජනන ඒකකයක් නැවත ක්‍රියාත්මක කිරීමේදී එහි උපකාරක පද්ධතියක ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ප්‍රමාදයක් සිදුව ඇති බවද මෙහි සඳහන් වේ.

කෙසේ නමුත් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් විදුලි බලය හදිසියේ අහිමිවීමට බලපෑ නිශ්චිත මූලික හේතුව අදාළ වාර්තාව මගින් මෙතෙක් තහවුරු කර නොමැති අතර ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරනුයේ මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.

Open
MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ