header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලෝකයේ ලොකුම ක්‍රිප්ටෝ මුදල් කොල්ලයේ සම්පූර්ණ කතාව
ලෝකයේ ලොකුම ක්‍රිප්ටෝ මුදල් කොල්ලයේ සම්පූර්ණ කතාව
Mobitel 1278

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් සොරකම අද (30 )වාර්තා විය.

ඒ ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන "බයිනෑන්ස්" ඉතිහාසගත කොල්ලයකට ලක්වීමත් සමඟිනි.

ඒ අනුව බයිනෑන්ස් සතුව තිබූ ඇ.ඩො.බි. 6.3කට අධික ඩිජිටල් වත්කම් සොරකමකට ලක්වී තිබේ.

බයිනෑන්ස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයකුගේ ලැප්ටොප් පරිගණකයක් හැකර්වරයෙකුට නිරාවරණයවීමෙන් මෙම සොරකම ආරම්භවී ඇති බව දැනට වාර්තාවී ඇත.

අනතුරුව බයිනෑන්ස් ජාලයේ තිබූ ආරක්ෂක හිඩැස් ඔස්සේ පද්ධතියට ඇතුළුවීමට හැකර්වරු සමත්වී තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ බයිනෑන්ස් සමාගම ටෙදර් ඇතුළු අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් සමාගම් සමඟ එකතුවී ඇ.ඩො.බි. 3කට අධික ප්‍රමාණයක භාවිතය අවහිර කිරීමට පියවර ගත් බව වාර්තා විය.

එමෙන්ම සිය හුවමාරුව හරහා ක්‍රිප්ටෝ මුදල් ඉවත්කරගැනීම බයිනෑන්ස් ආයතනය මඟින් තාවකාලිකව අත්හිටවනු ලැබීය.

කෙසේවෙතත්, අනතුරුව බයිනෑන්ස් සමාගම ප්‍රකාශ කර ඇත්තේ තම පාරිභෝගිකයන්ගේ සියලුම තැන්පතු සුරක්ෂිත බවත්, පාරිභෝගිකයන්ට සිදුවූ සෑම පාඩුවක්ම සමාගම පියවන බවය.

ඒ සඳහා ඩොලර් බිලියන 6.3ක් දැනටමත් වෙන්කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ටෙන් ප්‍රකාශ කළේය.

දැනට අනාවරණ වි ඇති පරිදි මෙම හැකර් ප්‍රහාරය පිටුපස ට්‍රේඩර් ට්‍රෝටර් (TRADER TRAITOR) නමැති උතුරු කොරියානු හැකර්වරුන් පිරිසක් සිටින බව සඳහන්ය.

සයිබර් අවකාශයේ මූල්‍ය සොරකම් තුළින් ආදායම් උපයන බවට උතුරු කොරියාවට චෝදනා එල්ලවන්නේ වසර ගණනාවක සිටය.

පසුගිය කාලය තුළ සිදුවූ ක්‍රිප්ටෝ මුදල් වංචා සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක ආයතන මෙන්ම අමෙරිකානු FBI ආයතනය උතුරු කොරියාවට චෝදනා කළේය.

කෙසේවෙතත් එම චෝදනා උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඩිජිටල් වත්කම් මිලදී ගැනීමට, විකිණීමට සහ හුවමාරු කිරීමට පහසුකම් සලසන බයිනෑන්ස් සමාගමේ ලොවපුරා ලියාපදිංචි පරිශීලකයන්  සංඛ්‍යාව මිලියන 335ක් පමණ වේ.

2025 වාර්ෂික වාර්තාවට අනුව එමඟින් පාලනය කරන ඩිජිටල් වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 162.8කි.

බයිනෑන්ස් සමාගමේ ක්‍රිප්ටෝ මුදල් සොරකම සමඟ ලොවපුරා ක්‍රිප්ටෝ මුදල් වෙළඳපොළේ මිලගණන් පහත වැටීමත් දක්නට ලැබිණි.

එහිදී බයිනෑන්ස් ක්‍රිප්ටෝ මුදල් අගය 5%කින් සහ ලොව ප්‍රධානතම ක්‍රිප්ටෝ මුදල් ඒකකය වන බිට්කොයින්හි අගය 3%කින් පමණ පහත වැටිණි.

බයිනෑන්ස් සම නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක චැන් පෙන් ෂාවෝ X අවකාශයේ සටහනක් පළ කරමින් සඳහන් කළේ සොරකමට ලක්වූ ක්‍රිප්ටෝ වත්කම් ආපසු අත්පත් කරගැනීම සඳහා නීතිමය බලධාරීන්, ක්‍රිප්ටෝ මුදල් නිකුත් කරන්නන්, බ්ලොක්චේන් බුද්ධිමය ආයතන සමඟ එක්ව කටයුතු කරන බවය.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ