
උඩප්පුව, කොත්තන්තිව් ප්රදේශයේදී නිවස ඉදිරිපිට තිබූ කුඩා පොකුණකට වැටී ඊයේ (31) උදෑසන සිදුවූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ, අනතුරට ලක්වීමෙන් පසු දැරිය වහාම කොත්තන්තිව් රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත්, එහිදී ඇය මියගොස් ඇති බව තහවුරු වී ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ පෙරියපාඩුව, කොත්තන්තිව් ප්රදේශයේ පදිංචිව සිටි අවුරුද්දයි මාස 4ක් පමණ වූ දැරියක්ය.
මේ වනවිට මියගිය දැරියගේ මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, උඩප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇත.



















































