header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජනතාව අකමැති වුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි - මහ බැංකු අධිපති

Mobitel 1278

ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත නොබලා රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති දේශනයකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ආර්ථිකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මහ බැංකුව මේ වනවිටත් දැඩි තීරණ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති බවය.

එමෙන්ම එම ප්‍රතිපත්ති ඉදිරියටද අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් පැවසීය.

මහජන කැමැත්ත මත පමණක් පිහිටා මෙවැනි තීරණ ක්‍රියාත්මක නොකිරීමෙන් අවසානයේ සිදුවන්නේ සමස්ත රටටම බරපතළ හානියක් බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

රටේ පවතින අවශ්‍යතාව අනුව බදු ප්‍රමාණයන් ඉහළ නැංවීමට සිදුවන නමුත්, බහුතරයක් ජනතාව බදු වැඩි කිරීමට අකමැති බව ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙවැනි තීරණ හේතුවෙන් සමාජය තුළ විරෝධතා පැනනැගී යම් අස්ථාවරත්වයක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.

එනිසා බදු අඩු කිරීම හෝ වැඩි කිරීම තුළින් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව මහජනතාවට නිවැරදිව සන්නිවේදනය සිදුකිරීම රජයේ වගකීමක් බව මහබැංකු අධිපතිවරයා  පැවසීය.

එමගින් ජනතාව දැනුවත් කර මෙම ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බව සඳහන් කළේය.

බදු සංශෝධන නිවැරදි අවස්ථාවේදී සිදුකිරීමේ වැදගත්කමද මෙහිදී පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා, බදු වැඩි කරන සෑම අවස්ථාවකදීම ඊට අකමැති පිරිසක් සමාජයේ සිටින බව රජය තේරුම් ගත යුතු බව පැවසීය.

පසුගිය සමයේ රට තුළ පැවති දැඩි දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ වුවද, රටේ ආර්ථිකය යම් මට්ටමකට හෝ ස්ථාවරව තබා ගැනීමට හැකි වූයේ ජනප්‍රිය නොවන නමුත් රටට අත්‍යවශ්‍ය තීරණ නිවැරදිව අවස්ථාවේ ක්‍රියාත්මක කිරීම නිසා බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට තද වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

 හම්බන්තොට වරායට අකුණු සැර වැදුනු මොහොතේ දර්ශන පෙළක් එළියට...

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්