header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජනතාවට පීඩා ගෙනා බදු සංශෝධන 12ක් - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙන් හෙළිදරව්වක්
ජනතාවට පීඩා ගෙනා බදු සංශෝධන 12ක් - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙන් හෙළිදරව්වක්
Mobitel 1278

රජය බලයට පත් වී ගත වූ වසර දෙකක කාලය තුළ ජනතාවට පීඩා ගෙනදෙන බදු සංශෝධන 12ක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කේන්ද්‍රය පෙන්වා දෙන්නේ සමාජයේ සෑම ආර්ථික මට්ටමක්ම නියෝජනය කරන පිරිසකට මෙම බදු සංශෝධන කිහිපයක් හෝ බලපානු ලබන බවය.

උද්ධමනය ඉහළ යාම, මුදල් හුවමාරුව සීමාවීම, දරිද්‍රතාව ඉහළ නැංවීම, ආයෝජන පහල වැටීම මෙන්ම විදේශ ආයෝජන අධෛර්ය වීමට මෙම නව බදු සංශෝධන හේතු වී ඇති බව අදාළ නිවේදනයේ සදහන්.

ආහාර සපයා ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, මාර්ග ගත ව්‍යාපාර සදහා ද මෙහි බලපෑම් එල්ලවී ඇති බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දී ඇත.

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සදහා මෙම බදු ඉලක්ක වී ඇති බැවින් මහ පරිමාන ව්‍යාපාරිකයින්ට සාපේක්ෂව කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින්ට බදු සංශෝධනය මගින් වැඩි පීඩනයක් එල්ල වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

-උපුටා ගැනීම-

01. සුරාබදු (2025 ජනවාරි): මත්පැන්, සිගරට්, දුම්කොළ, පැණිරස බීම සහ මෝටර් රථ සඳහා වූ සුරාබදු 6%කින් පමණ ඉහළ දමන ලදී.

02. විද්‍යුත් වාහන (EV) බද්ද (2025 පෙබරවාරි): විද්‍යුත් වාහන සඳහා පැවති සුරාබදු අනුපාත 100%කින් (දෙගුණයකින්) වැඩි කරන ලදී.

03. වාහන ආනයන බද්ද (2025 පෙබරවාරි): පැවති රේගු බදු නිදහස් කිරීම් ඉවත් කර 20%ක ආනයන බද්දක් හඳුන්වා දුන් අතර, 50%ක අතිරේක බද්දක් (Surcharge) සමඟ සමස්ත බද්ද 30%ක් දක්වා ඉහළ නැංවීය.

04. රඳවා ගැනීමේ බද්ද - WHT (2025 අප්‍රේල්): බැංකු තැන්පතු පොලී මත අය කළ බද්ද 5% සිට 10% දක්වා දෙගුණ කෙරුණි (අඩු ආදායම්ලාභීන්ට ස්වයං-ප්‍රකාශන මඟින් මීට සහන ලබාගත හැක).

05. ආයතනික ආදායම් බද්ද (2025 අප්‍රේල්): මත්පැන්, දුම්කොළ සහ ඔට්ටු ඇල්ලීම්/සූදු ව්‍යාපාරවල නිරත සමාගම් සඳහා වූ බද්ද 40% සිට 45% දක්වා ඉහළ නැංවීය.

06. සේවා අපනයන බද්ද (2025 අප්‍රේල්): මීට පෙර බදු නිදහස් කර තිබූ සේවා අපනයන සහ විදේශීය මූලාශ්‍රවලින් ලබන ආදායම් මත උපරිම 15%ක ආදායම් බද්දක් පනවන ලදී.

07. රේගු ආනයන බදු (2026 අප්‍රේල්): පැවති බදු ව්‍යුහය (0%, 15%, 20%) සංශෝධනය කර 0%, 10%, 20% සහ 30% ලෙස නව කාණ්ඩ හඳුන්වා දෙමින් තෝරාගත් භාණ්ඩ සඳහා 30%ක ඉහළ බද්දක් පනවන ලදී.

08. වාහන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද - SSCL (2026 මැයි): වාහන ආනයනය සඳහාද 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද පැනවීමට කටයුතු කෙරුණි.

09. වාහන ආනයන අතිරේක බද්ද (2026 මැයි): පවතින 30%ක රේගු බද්ද මත 50%ක අතිරේක බද්දක් පැනවීම නිසා සමස්ත බද්ද 45%ක් වූ අතර, මෙය 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත.

10. ප්‍රාග්ධන ලාභ බද්ද (2026 ජූනි): පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා 10% සිට 15% දක්වාද, භාර (Trusts), අන්‍යෝන්‍ය අරමුදල් සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා 10% සිට 30% දක්වාද බදු ඉහළ දමන ලදී.

11. වෘත්තිකයන්ගේ රඳවා ගැනීමේ බද්ද (2026 ජූනි): ඡායාරූප ශිල්පීන්, කලාකරුවන්, තොරතුරු තාක්ෂණ (IT) සහ සමාජ මාධ්‍ය විශේෂඥයන් වැනි වෘත්තිකයන්ගේ මසකට රු. 100,000 ඉක්මවන ආදායම් සඳහා 5%ක රඳවා ගැනීමේ බද්දක් පැනවීය.

12. ඩිජිටල් සේවා වැට් බද්ද - VAT (2026 ජූලි): මෙරට ලියාපදිංචි නැති විදේශීය ආයතන සපයන ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් පැනවූ නමුත් මෙහි ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම තවමත් සම්පූර්ණ වී නොමැත.

මෙවර අය වැය තුලින් ජනතාවගේ පෝෂණය (ආහාර), සෞඛ්‍ය (ඖෂධ හා උපකරණ), අධ්‍යාපන (පාසල් උපකරණ), කර්මාන්ත (ධීවර/කෘෂිකර්මාන්ත/අමුද්‍රව්‍ය) කේෂත්‍රයන් ඉලක්ක ගත බදු සංශෝධනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතුව බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.  

-උපුටා ගැනීම අවසන්-
 

 

Open
MostRead
Mobitel 1278
VideoStories
අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්