
ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යාම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස සියලුම ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට දැඩි ලෙස දැනුම් දී ඇත.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර තිබේ.
මෙම උපදෙස් සහ නියෝග නොසලකා හරින හෝ උල්ලංඝනය කරන අලෙවි නියෝජිතයන්ට එරෙහිව දැඩි විනය ක්රියාමාර්ග ගන්නා බවත්, අවශ්ය වුවහොත් ඔවුන්ගේ ලිට්රෝ අලෙවි නියෝජිතභාවය (Agency) පවා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම කාරුණිකව දන්වා සිටියි.
පාරිභෝගික ජනතාවට බාධාවකින් තොරව සහ නියමිත මිලට ලිට්රෝ ගෑස් ලබා දීම තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

















































