
පළායාමට තැත්කළ පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් බන්ධනාගාර නිලධාරියෙක් එල්ල කළ වෙඩි පහරකින් අද (01) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ බන්ධනාගාර තාප්පයට යාබද ආරක්ෂක කුටියකට නැඟි අදාළ රැඳවියා එහි රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර ඇති බවය.
එහිදී එම නිලධාරියා පළායාමට තැත්කළ රැඳවියාට වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් එම රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි.

















































