
බටහිර මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින 'මුරසු' සුළි කුණාටුව, ඊයේ(01) දින පැය 23.30 වන විට උතුරු අක්ෂාංශ 13.3°සහ නැගෙනහිර දේශාංශ 83.0°ආසන්නයේ, කන්කසන්තුරයේ සිට කි.මී. 480ක පමණ උතුරට බරව ඊශාන දෙසින් කේන්ද්‍රගතව පැවතුණි.
මෙම පද්ධතිය ඉදිරි පැය 03 තුළ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමට ඉතා වැඩි හැකියාවක් පවතී.
ඉන් අනතුරුව, එය වයඹ දෙසට ගමන් කරමින් අද(02) මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම් කාලය අතරතුර නෙල්ලෝර් සහ නර්සාපූර් අතරින් දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියානු ගොඩබිමට ඇතුළුවීමට වැඩි හැකියාවක් පවතී.
එමනිසා උතුරු අක්ෂාංශ 10ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
එසේම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටන ලෙසත් දැනුම් දෙනු ලැබේ.
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ දකුණු දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 පමණ වේ.
හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 දක්වා ඉහළ යා හැක.
හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල්ම දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං පැ.කි.මී. 60-70 ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය.

















































