
අතුරුගිරිය පෞද්ගලික නිවාස සංකීර්ණයක් ආසන්නයේ පිහිටි පර්චස් 100ක ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට කඩුවෙල නගරාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය අද (02) කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ පැවැත්විණි.
එහිදී නඩුවෙන් ඉවත් වීමට මොට්රෝ බස් සමාගම සහ එහි අධ්යක්ෂ මණ්ඩලය කළ ඉල්ලීම අධිකරණය පිළිගත් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
මේ අතර, මිලේනියම් සිටි පදිංචිකරුවන් පිරිසක් නඩුවේ අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස පෙනී සිටීමට කළ ඉල්ලීමට පැමිණිල්ල විරෝධය පළ කළද, මහේස්ත්‍රාත්වරයා එම විරෝධය ප්‍රතික්ෂේප කළේය.
අදාළ ඉඩම වටා කම්බි වැටක් ඉදිකර වෙන්කර ගැනීමට අවසර දෙන ලෙස පැමිණිල්ල කළ ඉල්ලීම ඊළඟ නඩු දිනයේදී සලකා බැලීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ ඇතුළු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ. නඩුවේ ඊළඟ විභාගය ලබන 16 වැනිදා පැවැත්වීමට නියමිතය.

















































