
කළුතර බන්ධනාගාරය තුළ ගෙලවැලලා ගැනීමට උත්සහ කළ රැඳවියෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මොනරාගල, වැලියාය ප්රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.
රැඳවියා මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්රාත් අධිකරණය විසින් ඔක්තෝබර් 31 වැනිදා කළුතර බන්ධනාගාරයට යොමු කර ඇති බවද සඳහන් වේ.
මියගොස් ඇති රැඳවියා බන්ධනාගාරයේ වැසිකිළියක් තුළ ගෙලවැලලා ගැනීමට උත්සාහ කරමින් සිටියදී තවත් රැඳවියන් පිරිසක් දැක බේරාගෙන ඇති අතර, පසුව අදාළ රැඳවියාව බන්ධනාගාර බලධාරීන් විසින් නාගොඩ කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ගතකර නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී අදාළ රැඳවියා මිය ගොස් ඇතැයි රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

















































