
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී රජයට රුපියල් 79 ලක්ෂයකට අධික පාඩුවක් සිදු කළ බවට එල්ල වූ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (02) පෙරවරු 9.45ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිල ගණන් ඉදිරිපත් කළ පෞද්ගලික සමාගමකින් ඒවා මිලදී නොගෙන වෙනත් පෞද්ගලික සමාගමකින් මිලදී ගැනීමට කටයුතු සැලැස්වීම මඟින් මෙම වංචාව සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම එමඟින් රජයට රුපියල් 7,973,114.50ක මූල්‍ය පාඩුවක් සිදුකර බාහිර පාර්ශ්වයකට අයුතු වාසියක් ලබාදීම තුළින් 'දූෂණය' නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

















































