
මහ කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා අවධාරණය කළේ, කන්නයට අදාළ පොහොර බෙදාහැරීම කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවය.
මහ කන්නය සඳහා යුරියා මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසක් අවශ්‍ය බව චන්දන ලොකුහේවගේ මහතා කියාසිටියේය.
මේ වනවිටත් ප්‍රාදේශීය මට්ටමින් මෙට්‍රික් ටොන් 33,000ක් පමණ බෙදාහැර ඇති බව සඳහන්ය.
තවත් මෙට්‍රික් ටොන් 42,000ක් පමණ සමාගම් සතුව පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම පසුගිය මාසයේ අග පොහොර රැගත් නැව් තුනක් වරයාට පැමිණි බවත් ඉන් යුරියා මෙට්‍රික් ටොන් 98,700ක ප්‍රමාණයක් ගොඩබෑමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසුවේය.
එමෙන්ම නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසයේදී යුරියා මෙට්‍රික් ටොන් 44,000ක් ආනයනය කිරීම සඳහා ඇනවුම් ලැබී තිබේ.
ඒ අනුව යුරියා මෙට්‍රික් ටොන් දෙලක්ෂ දහඅටදහසක් රට තුළ පවතින බව චන්දන ලොකුහේවගේ මහතා අවධාරණය කළේය.
මේ අතර මඩපොහොර ලෙස භාවිත කරන ආනයනික TSP සහ දේශීය SSP පොහොර ද ප්‍රමාණවත් පරිදි තිබේ.
ඒ අනුව මේ වනවිට TSP පොහොර මෙට්‍රික් ටොන් 4396ක් ද SSP පොහොර මෙට්‍රික් ටොන් 511ක් ද බෙදාහැරීමට පියවරගෙන ඇත.
තවදුරටත් සමාගම් සතුව TSP පොහොර මෙට්‍රික් ටොන් 16,700ක ප්‍රමාණයක් ද SSP පොහොර මෙට්‍රික් ටොන් 5000ක ප්‍රමාණයක් ද පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යලය සඳහන් කරයි.
TSP පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් සහ SSP පොහොර මෙට්‍රික් ටොන් 5000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.
SSP පොහොර තවත් මෙට්‍රික් ටොන් 10,000ක් සමාගම් සතුව පවතින අතර ඒ අනුව මඩපොහොර මෙට්‍රික් ටොන් 31,000ක් පමණ සමාගම් සතුව තිබෙන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා කීය.
මහ කන්නය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000කි.
තව ද මහ කන්නයට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 57,000ක ප්‍රමාණයක් වන අතර මේ වනවිට රට තුළ එම පොහොර මෙට්‍රික් ටොන් 57,500ක තොග ප්‍රමාණයක් පවතී.
ඉන් මේ වනවිට මෙට්‍රික් ටොන් 5000ක් පමණ බෙදාහැර ඇති අතර සමාගම් සතුව පවතින MOP පොහොර ප්‍රමාණය 50,500කි.
තවත් එම පොහොර මෙට්‍රික් ටොන් 2000ක ප්‍රමාණය ආනයනය කිරීමට සැලැසුම් කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පෙන්වාදුන්නේය.
ඒ අනුව මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග රට තුළ පවතින අතර ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ වෙෙළඳසැල් හරහා ලබාගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

















































