
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර මහතා සමඟ ඇති වූ ගැටුමකට අදාළව වැඩ තහනමට ලක්ව සිටි සූරියකන්ද පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතාට එරෙහි නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.
මාර්ගය අවහිර කිරීම, සාපරාධී බියගැන්වීම සහ සාපරාධී අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පවරා තිබූ නඩුව අද (02) ඇඹිලිපිටිය ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
නඩුව සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට පොලිසිය අපොහොසත් වීම පිළිබඳ මහේස්ත්රාත්වරයා කරුණු විමසූ විට, නීති කොට්ඨාසයෙන් උපදෙස් ලබාගත යුතු බව පොලිසිය දැනුම් දී තිබේ.
කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී. පුංචිහේවා මහතා එහිදී පොලිසියේ ක්රියාකලාපය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.
පොලිසිය චෝදනා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කොස්තාපල්වරයා නඩුවෙන් නිදහස් කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළ බව නීතිඥ පුංචිහේවා මහතා සඳහන් කළේය.
සූරියකන්ද ප්රදේශයේ ගංජා වැටලීමක් සම්බන්ධයෙන් මන්ත්රීවරයා සහ කොස්තාපල්වරයා අතර ඇති වූ ගැටුමෙන් පසු දෙපාර්ශ්වය විසින් එකිනෙකාට එරෙහිව නඩු පවරා තිබේ.

















































