
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු ආයතනයක් වන Binance සමාගමට එල්ල වූ දැවැන්ත සයිබර් ප්රහාරයෙන් පසු Binance පරිශීලකයින් රැසක් සිය වත්කම් නැවත ලබා ගෙන තිබේ.
Binance සමාගම සිය X ගිණුමේ සඳහන් කර ඇත්තේ ඇත්තේ පරිශීලකයින් විසින් ඩොලර් බිලියන 3.64ක සිය වත්කම් නැවත ආපසු ලබා ගෙන ඇති බවය.
පසුගියදා Binance ආයතනයට එල්ල වූ සයිබර් ප්රහාරයෙන් ඩොලර් බිලියන 6.3ක මුදලක් සොරකම් කර තිබූ අතර පසුව Binance ආයතනය එම මුදලින් 95%ක් නැවත ආවරණය කර ගැනීමටද සමත්විය.
ප්රහාරයෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස Binance සමාගම සියළුම ගනුදෙනු අත්හිටවූ අතර මුදල් ආපසු ගැනීම්ද තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
පසුව ඊයේ (01) දින සිට අදියර වශයෙන් මුදල් ආපසු ගැනීම් සඳහා සමාගම ප්රවේශය ලබා දී තිබේ.
ඒ අනුව පළමු අදියර යටතේ ඩොලර් බිලියන 4.649ක මුදලක් පිටතට ගොස් ඇති අතර නැවත තැන්පතු ලෙස ඩොලර් බිලියන 1.01ක් සටහන් වූ බවද Binance සඳහන් කර ඇත.

















































