
ඉතිහාසයේ පළමු වරට වී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සදහා සහනාධාරයක් ලබා දීමට සැළසුම් කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසීය.
වෙනත් කිසිදු රජයක් නොගෙවූ අතිවිශාල මුදලක් වර්තමාන රජය විසින් වගා සහනාධාර ලෙස ගොවීන්ට ලබාදීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින බවද ඒ මහතා පැවසීය.
එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා,
"ගොවියාට ඇත්තටම තියෙන වගා සහනාධාරී. මේක ගොවියාට පොහොරවලටද, හානියටද, පෝරු ගාන්නද ඕන කටයුත්තකට ගොවියාට මේ මුදල් යොදා ගන්න පුළුවන්. දෙන වගා සහනාධාරී දැන් ලබා දෙන්න පටන් ගෙන තියෙනවා. අපි ආණ්ඩුව ගන්නකොට ගොවියාට ගෙවපු ගාස්තුව දෙගුණයක් කරලා තියෙනවා. වී වලට අමතරව තව බෝග 12ක් සඳහා වීත් එක්කම 13ක් වෙනවා. වීවලට තියෙන සහනාධාර මුදලම ඉතිහාසයේ පළවෙනි වතාවට ගොවි ජනතාවට ලබා දෙනවා. වී වගා කරන ඉඩම්වල අතිරේක බෝග වගා කරන ගොවීන්ට. ඉතින් ඒක නිසා මේ වෙනකොට වෙන කිසිම ආණ්ඩුවක් නොගෙවපු අති විශාල මුදල් ප්‍රමාණයක් වර්තමාන ආණ්ඩුව ගොවියාට වගා සහනාධාර විදිහට ලබා දෙනවා. ඉතින් ඒ සහනාධාර මුදල් ලබාදීමේ කටයුතු මේ වෙනකොටත් සිද්ධ කරනවා"

















































