
පිංවත්ත පොලිස් වසමේ පැරඩයිස්වත්ත ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මත්පැන් ලීටර් 78.75ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවුරුදු 64ක් වන මාදුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පිංවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

















































