
සෞදි අරාබියානු ගුවන්තොටුපොළ භාවිත නොකරන ලෙස හූති කැරලිකරුවන් සියලුම ගුවන් සමාගම් හා සංචාරකයින් වෙත යළි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒවා සිය ප්‍රහාරවල ඉලක්ක විය හැකි බැවින් මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවයි හූති කැරලි කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක යහියා සරී ප්‍රකාශ කර ඇත.
සෞදි අරාබියේ රියාද් ගුවන්තොටුපොළ වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හූති කැරළිකරුවන් මෙලෙස සිය අනතුරු ඇඟවීම යළි අවධාරණය කර ඇති බව සඳහන් වෙයි.
සිය අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස සලකන ලෙස සිය නිවේදනයෙන් දැනුම් දී ඇති යහියා සරී ප්‍රහාර ව්‍යර්ථ කිරීමට දරන අසාර්ථක උත්සාහයන් සම්බන්ධයෙන් සෞදි අරාබියානු බලධාරීන් වගකීම භාරගත යුතු බව ද ප්‍රකාශ කර තිබේ.
මේ අතර හූති කැරළිකරුවන් විසින් සෞදිහි රියාද් ගුවන්තොටුපොළ වෙත එල්ල කළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු පාර්ශ්ව රැසක් හෙළා දැක තිබුණි.





















































