
ඉන්දියානු කැරපොතු ජනතා පක්ෂයේ කැඳවීමෙන් සංවිධාන කර තිබූ විරෝධතා අතරතුර අත්අඩංගුවට ගත් කැරපොත්තා ජනතා පක්ෂයේ නිර්මාතෘ අභිජිත් දිප්කේ, එම පක්ෂයේ සෙසු නායකයින් වන අශුතෝෂ් රන්කා සහ සෞරව් දාස් අද (11) දිල්ලි පොලිස් ස්ථානයේදී විධායක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.
ඔවුන් ඊයේ (10) අත්අඩංගුවට ගත්තේ මුම්බායි සිට දිල්ලි ගුවන් තොටුපළට පැමිණි ගුවන්යානයක සිටියදීය.
ඉන්දියානු මැතිවරණ කොමසාරිස්වරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා සඳහා රැස්වූ එරට විපක්ෂ දේශපාලකයන්, නීතිඥවරුන්, ශිෂ්‍යයන් ඇතුළු 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය පියවර ගත්තේ විරෝධතා ව්‍යර්ථ කිරීමේ අරමුණින් වේ.





















































