
ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක සිහිනය සැබෑ කරදීම අරමුණු කරගනිමින් ඉකුත් වසරේ ඇරඹි ''දෙරණ - රිට්ස්බරි මව්බිමට වීරයෙක් - රටට සම්පතක්'' ව්‍යාපෘතියේ දිගුවක් ලෙසින් ''මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව'' වැඩසටහන අද (11) නිල වශයෙන් දියත් කෙරිණි.
ඒ, අදට යෙදෙන දෙරණ 21 වැනි සංවත්සරයට සමගාමීවය.
''මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව'' වැඩසටහන යටතේ ජාතික මට්ටමෙන් දක්ෂතා දැක්වූ පාසල් 21ක් සඳහා ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමට නියමිතය.
2005 ඔක්තෝබර් 11 වැනිදා ඇරඹි දෙරණ නාලිකාවට අද වසර 21ක් සපිරෙයි.
ඉකුත් වසරට යෙදුණු දෙරණ 20 වැනි සංවත්සරයේදී ඇරඹි ''දෙරණ - රිට්ස්බරි මව්බිමට වීරයෙක් - රටට සම්පතක්'' ව්‍යාපෘතිය තුළින් මෙරට දිස්ත්‍රික්ක 25ම තුළ සිටින මීටර් 100 , 400 , 800 ධාවන ශුරයන් සහ හෙල්ල විසිකිරීමේ දක්ෂයින් සොයා ඔවුන් ඔලිම්පික් දක්වා ගෙන යාම ඇරඹුණි.





















































