
රාජකාරී වේලාව තුල වැඩිම අනතුරුවලට මුහුණ දෙන නිළධාරීන් පිරිසක් සිටින්නේ පොලිස් සේවයේ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ කාර්යක්ෂම පොලිස් සේවයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මේ වන විට විශේෂ වැඩසටහන් රැසක් පොලීසිය තුල ක්‍රියාත්මක බවයි.
බියගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මේ බව සදහන් කළේය.
"අපිට අවශ්‍යයි හොඳ විනයගරුක, කාර්යක්ෂම, ශක්තිමත් නිලධාරීන් පිරිසක්. නිලධාරීන්ගේ සංඛ්‍යාව ගත්කළ දෛනිකව අසනීපවෙන, රිය අනතුරුවලට ලක්වෙන පිරිස වැඩි අගයක් ගන්නවා. අදත් නිලධාරීන් දෙදෙනෙක් රිය අනතුරුවලට ලක්වෙලා තියෙනවා. ඒ වගේ නිලධාරීන් 200කට ආසන්න ප්‍රමාණයක් රාජකාරියේ යෙදී සිටින විට මියගිහින් තියෙනවා. ශ්‍රී ලංකාවේ යම් සේවයක් තියෙනවානම් ඒ සේවයේ නිලධාරීන් රාජකාරිය අතරතුර මියයන වැඩිම නිලධාරීන් ඉන්නේ ශ්‍රී ලංකා පොලීසියේ. ඒකට හේතු බොහෝමයක් තියෙනවා .ඒවත් අවම කර ගන්න මේ වෙනකොට මූලික වෛද්‍ය උපකරණ කට්ටල හැම පොලීසියකටම ලබා දීලා තියෙනවා. ඒ වගේම පොලිස් ස්ථාන මට්ටමින් කායවර්ධන උපකරණ ලබා දෙන්න කටයුතු කරමින් තිබෙනවා"





















































