
නේපාලයේ ජීවිත රැසක් අහිමි කරමින් ඇති වූ හදිසි ජල ගැල්මෙන් පසු නැවතත් අද (11) අලුයම නැවත හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.
නේපාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද අලුයම එරට බුධි ගන්දකි ගඟේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගෙර්කා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට දැවැන්ත හානියක් සිදුව ඇති බවය.
ඇතිවී තිබෙන මෙම ආපදා තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව ඇතැයිද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
මෙම ආපදා තත්ත්වයෙන් මේ වන විට දිස්ත්‍රික්කයේ මාර්ග සහ නිවාස රැසක් විනාශ වී ඇතැයිද පාලම් කිහිපයක්ද සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයිද වාර්තා වේ.
එමෙන්ම එම දිස්ත්‍රික්කයේ ඉදිකරමින් පැවැති මෙගාවොට් 341ක බුද්ධි ගන්දකි ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඳවුරක් සහ උපකරණ රැසක්ද ගංවතුරට හසුව ඇතැයිද නේපාල මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
මූලික වාර්තා අනුව සිදුවූ නායයෑමක් හදිසි ගංවතුරට හේතුව වී ඇතැයිද අදාළ මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.





















































