header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
පරිසරයට කුණු දැම්මොත් රු.මි. 20 දක්වා දඩ සහ සිරදඬුවම් - අගමැතිනිය
පරිසරයට කුණු දැම්මොත් රු.මි. 20 දක්වා දඩ සහ සිරදඬුවම් - අගමැතිනිය
Mobitel 1278

රටේ සැබෑම ආයෝජනය දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය බවත්, පරිසරයට ආදරේ කරන පෞරුෂවත් දරුවෙකු බිහි කිරීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට එකතු කරමින් සොබාදහම විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති ගෙන ඒමට පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍ය සඳහන් කර සිටී.

එමෙන්ම ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 1 සිට 10 දක්වා දඩ පැනවීමටත් පියවර ගෙන ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය.

දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා පර්වත පද්ධතිය සහ විශාලතම නා වනය පිහිටි ජාතික නාමල් උයනේ 36 වන සංවත්සර උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කියා සිටියාය.

එමෙන්ම පරිසර සංරක්ෂණය වචනයට පමණක් සීමා නොකර ප්‍රායෝගික තීන්දු තීරණ ගණනාවක්ම සිය ආණ්ඩුව විසින් ගෙන ඇති බවද එහිදී ඇය සඳහන් කර සිටියේය.

වසර 25කට පසු ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සිය රජයට හැකි වූ බවත් ඒ හරහා සංවර්ධන ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම දැඩි කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

‘’ශතවර්ෂ ගණනාවක අභිමානවත් ඉතිහාසයක් තියෙන, අපූර්ව ජෛව විවිධත්වයකින්, සංචාරක ආකර්ෂණයෙන් වගේම ලොකු අධ්‍යාපනික වටිනාකමකින් යුතු අපේ ජාතික නාමල් උයන අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කරන්න තමන්ගේ මුළු ජීවිතයම කැප කළ පූජ්‍ය වනවාසී රාහුල නායක හාමුදුරුවන්ටත්, උන්වහන්සේගේ ඒ උදාර වෑයමට ශක්තියක් වුණු හැමෝටමත් මම රජයේ ගෞරවය පළමුකොටම පිරිනමනවා.

ලෝකයේ ඕනෑම රටක සැබෑම ආයෝජනය පවතින්නේ හදන ගොඩනැගිලි ඇතුළේ නෙවෙයි. රටක සැබෑම ආයෝජනය තියෙන්නේ අපේ දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ ඔවුන්ගේ චරිත වර්ධනය ඇතුළෙයි.

විභාගවලට විතරක් සීමා වෙච්ච නැති, පරිසරයට ආදරය කරන, පූර්ණ පෞරුෂයකින් හෙබි දරුවෙක් බිහි කිරීම වෙනුවෙන් තමයි අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරලා තියෙන්නේ.

අපි පරිසර සංරක්ෂණය ගැන වචනයට විතරක් සීමා වුණේ නැහැ. ප්‍රායෝගික තීන්දු තීරණ ගණනාවක්ම අරන් තියෙනවා. වසර 25කට පස්සේ ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. ඒ හරහා සංවර්ධන ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම අපි තවත් දැඩි කළා.

අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට එකතු කරලා අපේ සොබාදහම විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති අපි ගෙනාවා. ඒ වගේම ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 1 සිට 10 දක්වා දඩ පැනවීමටත් අපි පියවර ගත්තා.

ඊටත් අමතරව, අපි ක්‍රියාත්මක කරපු භූගත ජලය ආරක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළ නිසා අද වන විට නාමල් උයන ආශ්‍රිත ජනතාවට නොමිලේ පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ භාග්‍යය උදාවෙලා තියෙනවා.අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් පරිසරයත්, දූ දරුවන්ගේ අධ්‍යාපනයත් ආරක්ෂා කරගන්න අපි හැමෝම එකතුවෙමු" 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට