
දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයන් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 5,747ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය නිකුත් කර ඇති වාර්තාවකට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166කට අයත් පවුල් 1,594කට පුද්ගලයින් 5,747ක් මෙලෙස බලපෑමට ලක්ව ඇති බවය.
මෙම අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 08ක් ද වාර්තා වී ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයිද එහි සඳහන්ව තිබේ.
එමෙන්ම තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
පවතින මෙම ආපදා තත්ත්වයන් හමුවේ පූර්ණ නිවාස හානි 04ක් සහ අර්ධ නිවාස හානි 953ක්ද වාර්තා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12කට තවමත් පීඩා
මේ අතර වියළි කාලගුණය හමුවේ මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 12කට තවමත් බලපෑම් එල්ල වී ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
එම වාර්තාවට අනුව එම දිස්ත්‍රික්ක 12හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32ක පවුල් 47,583කට අයත් පුද්ගලයින් 156,756ක් මෙමගින් බලපෑමට ලක්ව ඇත.
ඒ අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32න් 28ක් සඳහා පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
මෙමගින් පවුල් 38,547කට අයත් පුද්ගලයින් 128,977ක් සඳහා පානීය ජලය මේ වන විට බෙදා හැර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති අදාළ වාර්තාවේ සඳහන් ව ඇත.





















































