header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු
දිවයිනේ ප්‍රදේශ කිහිපයක  මාරක අනතුරු
Mobitel 1278

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බණ්ඩාරගම, හික්කඩුව, හොරණ සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

බණ්ඩාරගම, ගල්තුඩේ ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් 59 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ බස් රථය බණ්ඩාරගම - කළුතර මාර්ගයේ බස් නැවතුමකින් මගීන් නංවාගෙන ඉදිරියට ධාවනය කිරීමේදී මාර්ගය හරහා ගමන් කළ කාන්තාවගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

මියගිය කාන්තාව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, හික්කඩුව පොලිස් වසමේ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 52 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

හික්කඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණු පස පිහිටි අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් සහ පසුපැදිකාරියක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී පසුපැදිකාරියක් මියගොස් ඇත.

එමෙන්ම, හොරණ පොලිස් වසමේ ඇල්ලකන්ද මාර්ගයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් එහි රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සොරණවත්ත දෙසට රබර් දර ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථය රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි රියැදුරු හොරණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.

මේ අතර, ඇඹිලිපිටිය - මොරකැටිය මාර්ගයේ තුන්වන කණුව ආසන්නයේදී යතුරුපැදියක් මෝටර් රථයක සහ ගිලන් රථයක ගැටීමෙන් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මොරකැටිය දෙසට ධාවනය වූ යතුරුපැදිය ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ මෝටර් රථයක ගැටී ඇති අතර, අනතුරුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ගිලන් රථයක ද ගැටී ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

ඔහු සෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි බවද සඳහන්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට