
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ, ඔහුට එරෙහිව එල්ලවී තිබූ සියලු චෝදනාවලට වරදකරුවීම හේතුවෙනි.
නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට විරුද්ධව එල්ලවී තිබුණි.
ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.





















































