
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.
අදාළ ඉල්ලීම පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබිණි.
ඒ අනුව පොලිස් කොමිසම අද (01) රැස්වූ අතර අදාළ යෝජනාව අද දිනයේදී සාකච්ඡාවට ලක්කොට ඇත.
එහිදී පොලිස් කොමිෂන් සභාවේ මතයවී ඇත්තේ, අදාළ ස්ථාන මාරුවීම් පිළිබඳ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට බව වාර්තා වේ.
ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, එම කාර්යංශයේ අධ්‍යක්ෂවරයා, පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ඇතුළු පිරිසක්ගේ ස්ථාන මාරුවීමේ යෝජනාව අවලංගු කර ඇත.





















































