
කොළඹ වරාය පරිශ්‍රයේ ඇති සැකකටයුතු බහාලුමක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ බහලුම පරීක්ෂා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඔවුන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක්ද කර ඇති බව වාර්තා වෙයි.
කොළඹ වරාය පරිශ්‍රයේ ඇති සැකකටයුතු බහාලුමක් පිළිබද ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' රේගු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශයකයෙකු සඳහන් කළේ, එවැනි බහාලුමක් සම්බන්ධයෙන් අධිකරණය විසින් දැනුම්දීමක් සිදුකර ඇති බවයි.
අපනයනය සඳහා සූදානම් කර ඇති බහාලුමක් පිළිබදව මෙලෙස කරුණු වාර්තාකර ඇති අතර එය පරීක්ෂා කිරීම සඳහා පොලීසියට අවසර ලබාදෙන ලෙස අධිකරණය දැනුම්දී ඇති බව රේගුව සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබාදීමට නියමිත බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.





















































