
2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (14) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පවත්වා තිබේ.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි.
ඉන් අනතුරුව විත්තිය පාර්ශවයේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීමද සිදුකර ඇත.
අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබුණි.



















































