
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
පසුගිය සැප්තැම්බර් මස 10 වන දින පාර්ලිමේන්තුවේදී මතු කිරීමට උත්සාහ කළ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබා නොදීම සහ ඊට බාධා කිරීම පදනම් කර ගනිමින් මෙම පැමිණිලි සිදු කර ඇත.
අදාළ ලිපි පහතින් දැක්වේ.



















































