header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ජූලම්පිටියේ අමරෙ ආරක්ෂා කරන්න හේතුවක් නෑ-මං ඉන්නේ ආණ්ඩුවේ ගෞරවය ආරක්ෂා කරන්නයි
Jun 18, 201203:01 PM
ජූලම්පිටියේ අමරෙ ආරක්ෂා කරන්න හේතුවක් නෑ-මං ඉන්නේ ආණ්ඩුවේ ගෞරවය ආරක්ෂා කරන්නයි
Mobitel 1278

ජූලම්පිටියේ අමරේ නමැති පුද්ගලයෙකු කටුවන සිදුකළ මිනිස් ඝාතනයන්ට සම්බන්ධවී ඇත්නම් ඔහු රැකීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

ඔහුට චෝදනා එල්ලවී ඇත්නම් ඒ පිළිබඳ සාක්ෂි ඇත්නම් පොලීසිය අපක්ෂපාතීව ඒ පිළිබඳ ක්‍රියාකරනු ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් තමා දැක්වූ අදහසට පිළිබඳ ප්‍රතිචාර දක්වමින් තමා ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ ඇඳුම් ඇඳගෙනද යන්න ප්‍රශ්න කර තිබුණු බව සිහිපත් කළේය. තමා මෙම තනතුරට පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්,එතැන් සිට තමා සෑම විටෙකම ප්‍රකාශ නිකුත් කරනු ලැබුවේ ඇඳුම්ඇඳගෙන බවත්හුළුගල්ල මහතා අවධාරණය කළේය.

88-90 කාලයේ ජ.වි.පෙ විසින් ඇතිකරන ලද භීෂණකාරී තත්ත්වය තුළ රටේ කැලෑ නීතිය රජකරනු ලැබූවද,මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ රටේ නීතිය සාධාරණව පවතින බව ඔහු සඳහන් කළේය.

‍හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ ජ.වි.පෙ පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මරණයට පත්වූයේ ඉකුත් 15 වන දින සිකුරාදාය. යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙසේ වෙඩි තැබීම සිදුකර ඇති බවත්,සිද්ධියෙන් තුවාල ලැබූ තවත් එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා එදින ප්‍රකාශ කළේය.

‍ සිය පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ ප්‍රමුඛත්වයෙන් පැවති රැස්වීමකට බලහත්කාරයෙන් කඩා වැදුණු ආණ්ඩුවේ මැර පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව අද දෙරණ කළ විමසීමක දී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

සිද්ධිය සිදුවූ දින රාත්‍රීයේ ප්‍රකාශයක් කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කියා සිටියේ හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ දී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණේම දෙපාර්ශවයක් අතර ඇතිවූවක් බවට සැකකෙරෙන බවයි. ‍ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය හා හමුදාව එක්ව මෙහෙයුම් දියත් කරන බව ද ඒ මහතා එහිදී සඳහන් කළේය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත්, වහාම මේ සම්බන්ධව චෝදනා එල්ලව ඇති පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ,මෙම සිදුවීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය මත පටවමින් ආණ්ඩුව ඇඟ බේරාගැනීමට උත්සාහ දැරීම විහිළුවක් පමණක් බවත්,එවැනි ක්‍රියාවක් කිරීමේ හැකියාව එම පක්ෂයට නොමැති බවත් ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉකුත් 16 වන දින මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

ආණ්ඩුවට එරෙහි පාතාල කණ්ඩායම් ඉවත්කර ආණ්ඩුව විසින් පාතාලය තුළ ඒකාධිකාරයක් ගොඩනගාගත් බවත්, දැන් පවතින්නේ ආණ්ඩුව මෙහෙයවන පාතාලයක් පමණක් බවත්,එම පාතාලය ආණ්ඩුව විසින් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් යොදවා ගන්නා බවත් ටිල්වින් සිල්වා මහතා චෝදනා කළේය.

ඝාතනයක් සිදුවීමටත් වඩා ඝාතනය සම්බන්ධ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනඒම වෙනුවට ආණ්ඩුව මැදිහත්ව මෙම ඝාතනය ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ප්‍රශ්නයකට ලඝු කර සත්‍ය ඝාතකයින් නිදහස් කිරීමට උත්සාහ දැරීම බරපතළ බව ද හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධව පැමිණිලි සටහන් කර‍ගැනීම පමණක් සිදුකර ඇති නමුත් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, අදාළ වෙඩි තැබීම සඳහා පැමිණි පුද්ගලයින් කටුවන ප්‍රදේශයේම වෙසෙන අය බවත්, අදාළ රැස්වීමට පැමිණි කටුවන ප්‍රදේශයේ වැසියන් ඔවුන් හඳුනාගෙන ඇති බවත් ඒ අනුව වෙඩි තැබූ පුද්ගලයින් පිළිබඳව ඔවුන් පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිත දෙකක් බිලි ගනිමින් හා තවත් පිරිසකට තුවාල සිදුකරමින් එම රැස්වීම කඩාකප්පල් කිරීමේ පූර්ණ වගකීම භාරගත යුත්තේ ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය කමිටු කැඳවුම්කරු මංගල සමරවීර මහතා කියා සිටියේය.

වෙඩි තැබීම් සිදුවූ මෙම ප‍්‍රදේශය රාජපක්ෂ පවුලේ දේශපාලන අධිකාරය පවත්වාගන්නා ප‍්‍රදේශයක් වන බැවින් එය වඩාත් අවධාරණයෙන් කිවයුතු බව ද මංගල සමරවීර මහතා එහිදී චෝදනා කර තිබිණි. මෙම ප‍්‍රදේශයේ සන්නද්ධ කල්ලියක් ටී 56 ගිනි අවිකු අතැතිව ප‍්‍රසිද්ධියේ සැරිසර බව හම්බන්තොට ජනතාව හොඳින් දන්නා බවත්, ඔවුන්ට එරෙහිව කිසිවක් පොලීසියට කළ නොහැක්කේ ඔවුන්ට රාජපක්ෂලාගේ ආවරණය ලැබෙන බැවින් යැයි ප‍්‍රදේශවාසීන් සඳහන් කරන බවත් සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදුන්නේය.

2010 ජනවාරියේ ජනාධිපති මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් ගමන්ගත් බස් රියකට වෙඩි තැබීමෙන් එක් කන්තාවක් මියගියේ ද මේ ප‍්‍රදේශයේදී බව සිහිපත් කළ ඔහු මේ වන විට අවුරුදු දෙකකුත් සය මසක් සම්පූර්ණ වී ඇතත් ඒ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන නඩු පැවරීම් ගැන නොදන්නා බවත් මංගල සමරවීර මහතා කියා සිටියි.

මේ සම්බන්ධයෙන් වගකීම ආරක්ෂක ලේකම්වරයාට පැවරෙන බැවින් ඔහු වහා ඉවත් කළ යුතු බව දන්වමින් ඒ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

මෙතෙක් සිදුකෙරුණු ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් සහ විරෝධය පළකෙරූවන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් කිසිදු ස්වාධීන පරීක්ෂණ හෝ අවසන් නීතිමය පියවර නොමැති අයුරින්ම මේ ද්විත්ව ඝාතනය ද ඉතිරි වන බව අපගේ විශ්වාසය ය. විපක්ෂයේ දේශපාලනඥයින් කියන ආකාරයේ අපරාධ වැඩිවී නැතැයි නන් දොඩවන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ කාර්යක්ෂමතාව එවැනි ය.

එහෙත් අප ඉතා දැඩිව විශ්වාස කරන අයුරු පොලිස් දත්ත අනුව 2010 වසර තුළ බරපතල ලෙස ඉහළ ගොස් ඇති ළමා අපචාර ද ඇතුළත්ව, ස්ත්‍රී දූෂණ හා ලිංගික හිංසා 1,847 ක් සඳහා ද, කප්පම් ගැනීම් 103 ක් සඳහා ද, පැහැරගැනීම් 877 ක් සඳහා ද, 2011 වසරේ පළමු මාස 03 ඇතුළත වාර්තා වූ ස්ත්‍රී දූෂණ හා ලිංගික හිංසා 471 ක් ද, කප්පම් ගැනීම් 18 ක් ද, පැහැර ගැනීම් 235 ක් ද ඇතුළත් විවිධාකාර අපරාධ 12,281 ක් සඳහා ආරක්ෂාවත් නීතිය හා සාමය පවත්වා ගැනීමේ වගකීමත් ඒ වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය හා වගකීමත් තමන් අත තබාගෙන ඇති ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හැම ආකාරයෙන්ම වගකිව යුතු වන්නේ ය.

ඒ අතරම පළමුවරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කොන්ත‍්‍රාත් මිනීමැරුම් සඳහා චෝදනා ලබන්නේත්, හමුදා නිලධාරියෙකු මුදලට මිනීමරා හසුවන්නේත් මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ ධුර කාලයේ දී බවත් සිහිපත් කළ යුතුවෙමු. එමෙන්ම පොලිස් අත්අඩංගුවේ දී තරුණයින් ඝාතනය කිරීමට විරෝධය පාමින් ගම්වාසීන් පොලිස් ස්ථාන දෙකක්ම වටලා පහර දුන්නේ ද මේ ලේකම්වරයාගේ කාලයේදීම ය.

පරිපාලන සේවයට ද අයත් නොවන ඉතා වැදගත් අමාත්‍යාංශයක් භාරව ඉන්නා එවැනි අකාර්යක්ෂම ලේකම්වරයෙකු නිසාවෙන් මේ රට අවනීතියට ගොදුරුව අරාජික වන්නට ඉඩ දිය නොහැක. දේශපාලන හිතවත්කම් කවරක් වූවත් මේ රටේ ජනතාවට නොවිසඳන අපරාධ හා දේශපාලන අනුග‍්‍රහයෙන් අපරාධ සිදුකරන පාතාල කල්ලි සමගින් ජීවත්විය නොහැක. තමන් ඉතාම අසාර්ථක රාජ්‍ය නිලධාරියෙකු බව පිළිගැනීමට ද ඔහු සූදානම් නැත.

එනිසාම කටුවන දී සිදුකෙරුණු මේ ද්විත්ව ඝාතනයත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය කටයුතු අනතුරුව ස්වාධීනව කෙරෙනු ඇතැයි විශ්වාසයක් අපට කොහෙත්ම නැත. එනිසාම හා ඒ සියලු කාරණා නිසා මෙම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එම ධුරයෙන් වහා ඉවත් කර, නීතිය හා සාමය යළි තහවුරු කිරීමේ පළමු පියවර ලෙස එම තනතුරට පරිපාලන සේවාවේ ඉහළ නිලධාරියෙකු පත්කරන මෙන් අපි ඉල්ලා සිටිමු

කෙසේ නමුත් පසුදින පැවති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය.

සිද්ධිය සිදුවූ දින රාත්‍රී 9.00 පමණ වනවිට ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා මාධ්‍ය වෙත කියනවා සිද්ධිය සිදුවී පැය දෙකක් ගතවීමටත් පෙර හම්බන්තොට වෙඩිතැබීම ජ.වි.පෙ. දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් කියලා. අපි අහනවා ලක්‍ෂ්මන් හුළුගල්ල ඇඳුම් ඇඳගෙනද මේ ප‍්‍රකාශය කරල තියෙන්නේ? මහජන රැස්වීමකට පාතාල කල්ලිකයක් වෙඩිතබලා, දෙදෙනෙකු ඝාතනය කරලා තව කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරල තියෙන වෙලාවක ඔහු කියනවා මෙය ජ.වි.පෙ. අභ්‍යන්තර ගැටුමක ප‍්‍රතිඵලයක් කියලා. ලක්‍ෂ්මන් හුළුගල්ලට අපි අභියෝග කරනවා මේ සඳහා පදනම් කරගත්ත නිරීක්‍ෂණ මොනවාදැයි රටට හෙළිකරන්න කියලා අනුර කුමාර පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් අද(18)පැවති මාධ්‍ය හමුවේදී ජාතික ආරක්ෂාව පිළිබඳ මා‍ධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ සිදුවීම සිදුවී පැයක්වත් ගතවන්නට මත්තෙන් එහි වගකීම ආණ්ඩුව මත පටවා ප්‍රකාශයක් නිකුත් කිරීමට හැකිනම් එය පක්ෂ අභ්‍යන්තරයේ ගැටුමක් විය හැකි බවට සැක පළකිරීමට තරම් කරුණු තමන් අත පවතින බවයි.

පසුගිව සැප්තැම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණ මතගැටුම් හේතුවෙන් ඛණ්ඩනයට ලක්ව ඇති බවත්,තම සාමාජිකයින්ට ජ.වි.පෙ සාමාජිකයින් විසින් ප්‍රහාර එල්ල කරන බවටත්,ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව දන්වමින් ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අජිත් කුමාර මහතා විසින් පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණු බවත් හුළුගල්ල මහතා පෙන්වාදුන්නේය.

විශේෂයෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ තම ක්‍රියාකාරීන්ට බොහෝ තාඩන පීඩන එල්ලවන බවටත්,ඒවාට සෘජුව ටිල්වින් සිල්වාගේ සම්බන්ධයක් ඇති බවට චෝදනා කර ඇති බවත්,එකී ලිපිය තමා අත ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ ආකාරයෙන් මෙම ගැටුම පක්ෂ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පළ හැකි කරුණු හේතුවෙන් තමා එවැනි ප්‍රකාශයක් කළ බවත්,ඒ සඳහා මන්ත්‍රීවරයාට මෙන්ම තමාටද අයිතියක් ඇති බවත් හුළුගල්ල මහතා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයට ඇඟිලි 1 ක් දිගුකරන විට ඇඟිලි 4 ක් ජ.වි.පෙට දිගුවෙන බවත්,ඒ ආකාරයෙන් රජයට අභූත චෝදනා එල්ල කරන විට රජය ආරක්ෂා කිරීමට හා රජයේ නිවරදිභාවය පෙන්වීමට තමා කටයුතු කරන බවත්,එය රජයේ නිලධාරියෙකු ලෙස තමාගේ වගකීම බවත්ඔහු කියා සිටියේය.

මෙම සිදුවීමෙන් පැය 6-7 ක් ගතවීමට ප්‍රථම එහි වගකීම ආණ්ඩුව මත පටවමින් එකම පෝස්ටරය රට පුරා ඇළවුණු බව කියා සිටි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ,මේ පෝස්ටරය මිනීමැරුම් සිදුවීමට ප්‍රථම මුද්‍රණය වී තිබුණාද යන්න පවා සැකසිතෙන බව අවධාරණය කළේය.

කෙසේ නමුත් අනුරට හෝ තමන්ට ‍අපරාධකරුවන් කවුරුන්ද යන්න තීන්දු දීමට නොහැකි බවත්, රටේ පවතින්නේ ස්වාධීන පොලිසියක් හා අධිකරණයක් බැවින් ඒ පිළිබඳ එකී ආයතන විසින් සිය රාජකාරිය නිසියාකාරව සිදුකරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

ජ.වි.පෙ නිල නොවන පුවත්පතක් වන ලංකා ඉරිදා සංග්‍රහයෙහි පසුගිය මැයි 13 වන දින පළවූ ලිපියකින් වත්මන් රජයේ ආශිර්වාද ලබමින් අපරාධ සිදුකරන බවට ගීගනගමගේ අමරසේන නොහොත් ජූලම්පිටියේ අමරේ නමැති අයෙකු සම්බන්ධයෙන් හෙළිදරව්වක් කර තිබිණි.

පොලිසියත් බය -ජූලම්පිටියේ අමරෙගෙ වැඩ,ඝාතන 22 යි-ස්ත්‍රී දූෂණ 11 යි-කොල්ලකෑම් 13 යි යනුවෙන් උප තේමාපාඨයක් සහිත මැදමුලනින් කිරිපොවන දඩබල්ලා බැඳදමනුයන ප්‍රධාන ශීර්ෂ පාඨයකින් යුතුව එම ලිපිය පළකිරීමෙන් පසු උරණ වූ අදාළ සැකකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

කෙසේ වුවත් අපරාධකරුවන් හෙළිදරව් කිරීම මාධ්‍යයේ වගකීමක් මෙන්ම අපරාධකරුවන්ට දඬුවම්දීම පොලීසියේ හා අධිකරණ පද්ධතියේ වගකීමක් බවත්,ආණ්ඩුවට එල්ලවන චෝදනා වලින් මුළුමනින්ම නිදහස් විය හැක්කේ ඝාතකයන් අධිකරණය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් ලබාදීමෙන් පමණක් බවත් පැහැදිලිය.

RelatedNews
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"