header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
පෙරටුගාමී පක්ෂයට වරද පටවා ආණ්ඩුව ඇඟ බේරාගන්න හැදීම විහිළුවක්
Jun 16, 201212:25 PM
පෙරටුගාමී පක්ෂයට වරද පටවා ආණ්ඩුව ඇඟ බේරාගන්න හැදීම විහිළුවක්
Mobitel 1278

හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත්, වහාම මේ සම්බන්ධව චෝදනා එල්ලව ඇති පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ආණ්ඩුවට එරෙහි පාතාල කණ්ඩායම් ඉවත්කර ආණ්ඩුව විසින් පාතාලය තුළ ඒකාධිකාරයක් ගොඩනගාගත් බවත්, දැන් පවතින්නේ ආණ්ඩුව මෙහෙයවන පාතාලයක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එම පාතාලය ආණ්ඩුව විසින් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් යොදවා ගන්නා බවට ටිල්වින් සිල්වා මහතා චෝදනා කරයි.

එවැනි කණ්ඩායමක් කටුවන ප්‍රදේශ‍යේ සැරිසරමින්, ජනතාව බියවද්දමින් කටයුතු කරන බවත් ඔවුන් ඊයේ සිදුවූ වෙඩි තැබීම සිදුකළ බවත් අද(16) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ මූල්ස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

රට පුරා සහ ජාත්‍යන්තර වශයෙන් මෙම ඝාතන රැල්ලට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් පවත්වන බව ද, එවැනි එක් උද්ඝෝෂණයක් ජූනි 19 වන දින කොළඹ දී පැවැත්වෙන බව ද ඔහු එහිදී කියා සිටියේය.

ඝාතනයක් සිදුවීමටත් වඩා ඝාතනය සම්බන්ධ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනඒම වෙනුවට ආණ්ඩුව මැදිහත්ව මෙම ඝාතනය ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ප්‍රශ්නයකට ලඝු කර සත්‍ය ඝාතකයින් නිදහස් කිරීමට උත්සාහ දැරීම බරපතළ බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධව පැමිණිලි සටහන් කර‍ගැනීම පමණක් සිදුකර ඇති නමුත් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව ද ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

ආණ්ඩුව අදාළ සිද්ධියේ වගකීම කිසිවෙකුට හෝ පැවරීම සඳහා ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

අදාළ වෙඩි තැබීම සඳහා පැමිණි පුද්ගලයින් කටුවන ප්‍රදේශයේම වෙසෙන අය බවත්, අදාළ රැස්වීමට පැමිණි කටුවන ප්‍රදේශයේ වැසියන් ඔවුන් හඳුනාගෙන ඇති බවත් ටිල්වින් සිල්වා මහතා මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව වෙඩි තැබූ පුද්ගලයින් පිළිබඳව ඔවුන් පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම සිදුවීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය මත පටවමින් ආණ්ඩුව ඇඟ බේරාගැනීමට උත්සාහ දැරීම විහිළුවක් පමණක් බවත්, එවැනි ක්‍රියාවක් කිරීමේ හැකියාව එම පක්ෂයට නොමැති බව ද ඒ මහතා පෙන්වාදුන්නේය.

ආණ්ඩුව විසින් දැන් සිදුකළ යුතුව ඇත්තේ ඉදිරිපත් වූ පැමිණිලි අනුව කටයුතු කිරීම බව ද මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම වෙඩි තැබීම ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ගැටලුවක් බව ආණ්ඩුව පෙන්වාදෙයි නම් ඒ සඳහා වගකිවයුතු පිරිස් කවුරුන්ද යන්න හෙළිකළ යුතු බව ද ඔහු කියා සිටියේය.

එ‍සේ ‍සිදුනොකර රටේ ජන මතය නොමග යැවීමට උත්සාහ කරමින් සිටින බව ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"