header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
කොංග්‍රසයේ බලය අල්ලා ගත්තත් ඩිමොක්‍රටික් පක්ෂයට කළ හැකි සහ කළ නොහැකි දේ
කොංග්‍රසයේ බලය අල්ලා ගත්තත් ඩිමොක්‍රටික් පක්ෂයට කළ හැකි සහ කළ නොහැකි දේ
Mobitel 1278

මැතිවරණ රාත්‍රිය ඩිමොක්‍රටික් පක්ෂයට සැබෑ සිහිනයක් විය.

ඔවුන් සතුටට පත්වීමට ප්‍රමාණවත් හේතු තිබුණ ද එළැඹෙන ජනවාරි මාසයේදී යථාර්ථයට මුහුණ දීමට සිදු වනු ඇත.

එළැඹෙන වසරේදී ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ සභා දෙකම (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව) තම පාලනය යටතට ගනු ඇත්තේ දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගනිමිනි.

ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල නායක හකීම් ජෙෆ්රීස් (Hakeem Jeffries) ඉතාමත් උද්දාමයෙන් ප්‍රකාශ කළේ, "අද අමෙරිකාවේ පුනරාවර්තනයක ආරම්භය සනිටුහන් වනවා" යනුවෙනි.

ඔවුන් මැතිවරණ ව්‍යාපාරය අතරතුර දුන් පොරොන්දු රැසක් ඉටු කිරීමට නියමිතය. ඒ අතර ප්‍රධාන වන්නේ, දූෂණ තුරන් කිරීම, සෞඛ්‍ය සේවා, ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන මිල අඩු කිරීම සහ ඉරාන යුද්ධය අවසන් කිරීම වැනි පොරොන්දුය.

නමුත් ඔවුන්ට එම සැලසුම් ක්‍රියාවට නැංවීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇත.

වොෂින්ටනයේ බලතුලනයේ වෙනසක් සිදු වූ පමණින් ඩිමොක්‍රටික් පක්ෂයට වහාම තම ව්‍යවස්ථාදායක අපේක්ෂාවන් ක්‍රියාත්මක කිරීමට හැකි වන බවක් එයින් අදහස් නොවේ.

ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසය සතු කර ගත්තද, රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවමත් ඔහු සතු විධායක බලය එලෙසම පවතී.

මෙම ජයග්‍රහණය "ජනවරමක්" ලෙස සැලකිය යුතු නැතැයි අමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් කූන්ස් (Chris Coons) විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

"අපට හැකි දේවල් කර පෙන්විය යුතුයි, අඩු වැටුප් සහ ඉහළ යන ජීවන වියදම් පිළිබඳ ජනතාවගේ ගැටලුවලට සැබෑ පිළිතුරු ලබා දිය හැකි බව අපි ඔප්පු කළ යුතුයි" යනුවෙන් ඔහු පවසා ඇත.

ඩිමොක්‍රටික් පක්ෂයට සාක්ෂාත් කරගත හැකි දේ

ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය සහ අධිකරණ නම් කිරීම් අනුමත කිරීමට හෝ එවාට විරුද්ධ වීමට සෙනෙට් සභාවට බලය ඇත. නිදසුනක් වශයෙන්, ට්‍රම්ප් ජනපතිවරයාගේ කාල සීමාව තුළ අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් මතු වුවහොත්, සෙනෙට් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට නම් කිරීමක් අවහිර කිරීමට හෝ වඩාත් මධ්‍යස්ථ අපේක්ෂකයෙකු තෝරා ගැනීමට ට්‍රම්ප් ජනපතිවරයාට බල කිරීමට නව බලය භාවිතා කළ හැකිය.

ජනාධිපතිවරයෙකු දෝෂාභියෝගයට ලක් කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට බලය ඇත.

දෝෂාභියෝග ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය

අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝග ක්‍රියාවලිය ප්‍රධාන අදියර දෙකකින් සමන්විත වේ.

පළමු අදියර (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)

සාමාන්‍ය බහුතර ඡන්ද ප්‍රමාණයකින් (50% + 1) චෝදනා සම්මත කළහොත්, ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක් වූ තැනැත්තෙකු බවට පත්වේ.

ට්‍රම්ප් ජනාධිපතිවරාගේ පළමු ධුර කාලය තුළ ඩිමොක්‍රටික් පක්ෂයට ඔහුව දෙවරක් මෙසේ දෝෂාභියෝගයට ලක් කිරීමට හැකි විය.

දෙවන අදියර (සෙනෙට් සභාව) - සෙනෙට් සභාව විසින් නඩු විභාගයක් පවත්වා ජනාධිපතිවරයා වරදකරු කර ධුරයෙන් පහ කළ යුතුද නැද්ද යන්න තීරණය කළ හැකිය.

කෙසේ වෙතත්, ට්‍රම්ප් ජනාධිපතිවරාගේ පළමු ධුර කාලය තුළ ඩිමොක්‍රටික් පක්ෂය ඔහුව දෙවරක් දෝෂාභියෝගයට ලක් කළද, සෙනෙට් සභාවේදී ඔහු නිදහස් විය. සෙනෙට් සභාවේදී ජනාධිපතිවරයෙකු වරදකරු කිරීමට තුනෙන් දෙකක බහුතරයක් එනම් ඡන්ද 67 ක් අවශ්‍ය වන බැවින්, වත්මන් තත්ත්වය යටතේද එම ඉලක්කය ඩිමොක්‍රටික් පක්ෂයට ළඟා කර ගැනීම අපහසු වනු ඇතැයි පෙන්වා දී ඇත.

එසේම, දෝෂාභියෝගය ඉදිරියට ගෙනයාම සුදුසුද යන්න පිළිබඳව පක්ෂය තුළ තවමත් විවාදාත්මක තත්ත්වයක් බව සඳහන් වේ.

ඩිමොක්‍රටික් පක්ෂයට කිරීමට අපහසු දේ

සභා දෙකම බහුතරයකින් පාලනය කරන බැවින්, ඩිමොක්‍රටික් පක්ෂයට සාපේක්ෂව පහසුවෙන් කොංග්‍රසය හරහා නීති සම්මත කර ගැනීමට හැකි වනු ඇත. නමුත් එය නීතියක් බවට පත් කිරීම වඩාත් දුෂ්කර වනු ඇත.

බොහෝ නීති නීතියක් බවට පත්වීමට ජනාධිපතිවරයෙකු අත්සන් කළ යුතුය. කොංග්‍රසයට විසින් සම්මත කරන ලද, තමන් අනුමත නොකරන නීති ප්‍රතික්ෂේප කිරීමට ට්‍රම්ප් ජනපතිවරයාට බලය ඇති අතර, කොංග්‍රසයට ඔහුව අභිබවා යා හැක්කේ සභා දෙකෙන්ම සුපිරි බහුතරයකින් පමණි. ඩිමොක්‍රටික් පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය ලැබුවද තනිවම එම සීමාව ළඟා කර ගත නොහැකි වනු ඇත.

ට්‍රම්ප්ට එරෙහි විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණයට හේතු වූ නමුත්, ඉදිරි අභියෝග ජය ගැනීමට එය පමණක් ප්‍රමාණවත් නොවනු ඇතැයි නීති සම්පාදකයින් පෙන්වා දී ඇත. ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම ජයග්‍රහණය ප්‍රධාන වශයෙන්ම ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කිරීමක් පමණක් වන බැවින්, පක්ෂයට වගකීමෙන් යුතුව කටයුතු කිරීමට සිදු වනු ඇති බවය.

MostRead
Mobitel 1278
VideoStories
 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්