header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එම ධුරයෙන් වහා ඉවත් කළ යුතුයි
Jun 17, 201203:01 PM
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එම ධුරයෙන් වහා ඉවත් කළ යුතුයි
Mobitel 1278

හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිත දෙකක් බිලි ගනිමින් හා තවත් පිරිසකට තුවාල සිදුකරමින් එම රැස්වීම කඩාකප්පල් කිරීමේ පූර්ණ වගකීම භාරගත යුත්තේ ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය කමිටු කැඳවුම්කරු මංගල සමරවීර මහතා පවසයි.

වෙඩි තැබීම් සිදුවූ මෙම ප‍්‍රදේශය රාජපක්ෂ පවුලේ දේශපාලන අධිකාරය පවත්වාගන්නා ප‍්‍රදේශයක් වන බැවින් එය වඩාත් අවධාරණයෙන් කිවයුතු බව ද මංගල සමරවීර මහතා සඳහන් කරයි.

මෙම ප‍්‍රදේශයේ සන්නද්ධ කල්ලියක් ටී 56 ගිනි අවිකු අතැතිව ප‍්‍රසිද්ධියේ සැරිසර බව හම්බන්තොට ජනතාව හොඳින් දන්නා බවත්, ඔවුන්ට එරෙහිව කිසිවක් පොලීසියට කළ නොහැක්කේ ඔවුන්ට රාජපක්ෂලාගේ ආවරණය ලැබෙන බැවින් යැයි ප‍්‍රදේශවාසීහු සඳහන් කරන බවත් සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි.

2010 ජනවාරියේ ජනාධිපති මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් ගමන්ගත් බස් රියකට වෙඩි තැබීමෙන් එක් කන්තාවක් මියගියේ ද මේ ප‍්‍රදේශයේදී බව ඔහු සඳහන් කරයි.

මේ වන විට අවුරුදු දෙකකුත් සය මසක් සම්පූර්ණ වී ඇතත් ඒ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන නඩු පැවරීම් ගැන නොදන්නා බවත් මංගල සමරවීර මහතා කියා සිටියි.

ඒ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

ආණ්ඩුවේ වේවා විපක්ෂයේ වේවා ඕනෑම දේශපාලන පක්ෂයකට විවෘත ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කටයුතුවල නිරතවීමට ඇත්තේ සීමා තහංචිවලින් තොර සමාන අයිතියක් බැව් අපි අවධාරණයෙන් සටහන් කරන්නෙමු. ඒ අනුව රටේ ඕනෑම ප‍්‍රදේශයක එලෙස දේශපාලනයේ නිරතවන්නට හැකි පසුබිමක් වාතාවරණයක් සහතික කිරීම ආණ්ඩුවේ පුර්ණ හා පරම වගකීමකි.

මෙතෙක් සිදුකෙරුණු ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් සහ විරෝධය පළකෙරූවන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් කිසිදු ස්වාධීන පරීක්ෂණ හෝ අවසන් නීතිමය පියවර නොමැති අයුරින්ම මේ ද්විත්ව ඝාතනය ද ඉතිරි වන බව අපගේ විශ්වාසය ය. විපක්ෂයේ දේශපාලනඥයින් කියන ආකාරයේ අපරාධ වැඩිවී නැතැයි නන් දොඩවන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ කාර්යක්ෂමතාව එවැනි ය.

එහෙත් අප ඉතා දැඩිව විශ්වාස කරන අයුරු පොලිස් දත්ත අනුව 2010 වසර තුළ බරපතල ලෙස ඉහළ ගොස් ඇති ළමා අපචාර ද ඇතුළත්ව, ස්ත්‍රී දූෂණ හා ලිංගික හිංසා 1,847 ක් සඳහා ද, කප්පම් ගැනීම් 103 ක් සඳහා ද, පැහැරගැනීම් 877 ක් සඳහා ද, 2011 වසරේ පළමු මාස 03 ඇතුළත වාර්තා වූ ස්ත්‍රී දූෂණ හා ලිංගික හිංසා 471 ක් ද, කප්පම් ගැනීම් 18 ක් ද, පැහැර ගැනීම් 235 ක් ද ඇතුළත් විවිධාකාර අපරාධ 12,281 ක් සඳහා ආරක්ෂාවත් නීතිය හා සාමය පවත්වා ගැනීමේ වගකීමත් ඒ වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය හා වගකීමත් තමන් අත තබාගෙන ඇති ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හැම ආකාරයෙන්ම වගකිව යුතු වන්නේ ය.

ඒ අතරම පළමුවරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කොන්ත‍්‍රාත් මිනීමැරුම් සඳහා චෝදනා ලබන්නේත්, හමුදා නිලධාරියෙකු මුදලට මිනීමරා හසුවන්නේත් මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ ධුර කාලයේ දී බවත් සිහිපත් කළ යුතුවෙමු. එමෙන්ම පොලිස් අත්අඩංගුවේ දී තරුණයින් ඝාතනය කිරීමට විරෝධය පාමින් ගම්වාසීන් පොලිස් ස්ථාන දෙකක්ම වටලා පහර දුන්නේ ද මේ ලේකම්වරයාගේ කාලයේදීම ය.

පරිපාලන සේවයට ද අයත් නොවන ඉතා වැදගත් අමාත්‍යාංශයක් භාරව ඉන්නා එවැනි අකාර්යක්ෂම ලේකම්වරයෙකු නිසාවෙන් මේ රට අවනීතියට ගොදුරුව අරාජික වන්නට ඉඩ දිය නොහැක. දේශපාලන හිතවත්කම් කවරක් වූවත් මේ රටේ ජනතාවට නොවිසඳන අපරාධ හා දේශපාලන අනුග‍්‍රහයෙන් අපරාධ සිදුකරන පාතාල කල්ලි සමගින් ජීවත්විය නොහැක. තමන් ඉතාම අසාර්ථක රාජ්‍ය නිලධාරියෙකු බව පිළිගැනීමට ද ඔහු සූදානම් නැත.

එනිසාම කටුවන දී සිදුකෙරුණු මේ ද්විත්ව ඝාතනයත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය කටයුතු අනතුරුව ස්වාධීනව කෙරෙනු ඇතැයි විශ්වාසයක් අපට කොහෙත්ම නැත. එනිසාම හා ඒ සියලු කාරණා නිසා මෙම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එම ධුරයෙන් වහා ඉවත් කර, නීතිය හා සාමය යළි තහවුරු කිරීමේ පළමු පියවර ලෙස එම තනතුරට පරිපාලන සේවාවේ ඉහළ නිලධාරියෙකු පත්කරන මෙන් අපි ඉල්ලා සිටිමු

මංගල සමරවීර

මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර,

එ.ජා.ප මාධ්‍ය කමිටු කැඳවුම්කරු

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"