
හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ දී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණේම දෙපාර්ශවයක් අතර ඇතිවූවක් බවට සැකකෙරෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය හා හමුදාව එක්ව මෙහෙයුම් දියත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
අද(15) පස්වරුවේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මරණයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය.
මෙම රැස්වීමට යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙසේ වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් සිය පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ ප්‍රමුඛත්වයෙන් පැවති රැස්වීමකට බලහත්කාරයෙන් කඩා වැදුණු ආණ්ඩුවේ මැර පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව අද දෙරණ කළ විමසීමක දී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.




















































