
හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
අද(15) පස්වරුවේ පැවති මෙම රැස්වීමට යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙසේ වෙඩි තැබීම සිදුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
සිය පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ ප්‍රමුඛත්වයෙන් පැවති රැස්වීමකට බලහත්කාරයෙන් කඩා වැදුණු ආණ්ඩුවේ මැර පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව අද දෙරණ කළ විමසීමක දී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.



















































