
ඉන්ධන සහ ගෑස් ගවේෂණය සඳහා මන්නාරම් දූපත අවට බිම් කැණීම් පිළිබඳව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවට තොරතුරු ලැබී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සඳහන් කර ඇත්තේ, වැලි කැණීම් කටයුතු හේතුවෙන් මන්නාරම් දුපතේ සිදුවන විශාල පාරිසරික හානිය පිළිබඳව ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ අවධානය යොමුව ඇති බවය.
පාරිසරික වශයෙන් හානිදායක මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාව කලබලයට පත්ව ඇති බවද අදාළ නිවේදනයේ දැක්වේ.
මෙම ක්‍රියාකාරකම් ආර්ථික සංවර්ධනය සඳහා වන ධනාත්මක මුලපිරීම් වුවත් නිසි පාරිසරික තක්සේරුවක් හෝ විනිවිඳභාවයකින් යුතුව මෙවැනි ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමක් වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එවැනි සංවර්ධන කටයුත්තකට පෙර ප්‍රදේශයේ ජනතා මතය තහවුරු කරගැනීම සඳහා නිසි මත විමසුමක් පැවැත්විය යුතු බවද අවධාරණය කර සිටින කතෝලික රදගුරු සමුළුව ජනතාවගේ අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂාවීම සඳහා එවැනි ක්‍රියාකාරකම් මඟින් මන්නාරම් දූපතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සහ ජල සම්පතට බලපෑමක් ඇති නොවිය යුතු බවද නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
අගෝස්තු මස 18 වන දින සිට 20 වැනි දා දක්වා පැවති ශ්‍රී ලංකා කතෝලික සමුළුවේ පූර්ණ සැසිවාරයේ දී මේ පිළිබඳව අවධානයට යොමුව තිබුණි.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

















































