
පොලිස් උපාය දූතයෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ සංවිධානාත්මක අපරාධකරුවන් යොදාගත්, ව්‍යාජ ජීප් රථයක් ඊයේ (08) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය භාරයට ගෙන තිබේ.
2025 නොවැම්බර් 29 වන දින සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් කිරින්ද මුහුදු බඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 325ක්, සැකකරුවන් 8 දෙනෙකු සහ වාහන 6ක් අත්අඩංගුවට ගැනීමට උපාය දූතයෙකු තොරතුරු ලබා දී තිබිණි.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 500කට අධික බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් විදේශගතව සිටින 'රූබන්' සහ 'අංගොඩ ප්‍රියංකර' යන සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙහෙයවන ලද මෙම ජාවාරම පොලිසිය හසු වීම හේතුවෙන් සිදුවූ අලාභයට පලිගැනීමක් ලෙස, අදාළ උපාය දූතයා පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ හිස සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිවස ඉදිරිපිට දමා යාමට අපරාධකරුවන් සැලසුම් කර තිබූ බව වාර්තා වෙයි.
එහෙත් මෙම සැලසුම ව්‍යර්ථවීමෙන් මාස 9කට පසුව, එනම් 2026 සැප්තැම්බර් 05 වන දින උදෑසන 06ට පමණ කිරින්ද වරාය දෙසට ගමන් කරමින් සිටි උපාය දූතයාව මෙම ව්‍යාජ පොලිස් ජීප් රථයෙන් හප්පා මරා දැමීමට අපරාධකරුවන් උත්සාහ කර ඇත.
එහිදී උපාය දූතයා ඉන් මිදීමට උත්සාහ කිරීමේදී තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
සිද්ධියෙන් පසු පලාගිය ජීප් රථය පිළිබඳව ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පිහිටි ගරාජයක සඟවා තිබියදී මෙම ව්‍යාජ පොලිස් ජීප් රථය සොයාගෙන ඇත.
ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය භාරයට ගත් ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා කිරින්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

















































