header logo
Vallibel FD
උණුසුම් පුවත්
තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ කෝටි 8ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට
තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ කෝටි 8ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට
Mobitel 1278

තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක සහ විදේශ රැකියා නියෝජිත ආයතනයකට කඩා වැදී, සේවකයන් දණගස්වා රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ මහාමොලකරු සහ එහි රියැදුරු ලෙස කටයුතු කළ සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට පත් මෙම සැකකරු සතුව තිබී, කොල්ලකන ලද මුදලින් රුපියල් එක්කෝටි අසුපන් ලක්ෂයක මුදලක්, කොල්ලයට යොදාගත් මෝටර් රථයක් සහ සොරාගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 01 වැනිදා මුහුණු ආවරණය කරගෙන තියුණු ආයුධවලින් සන්නද්ධව පැමිණි තිදෙනකුගෙන් යුත් කල්ලියක් අදාළ ආයතනයට කඩා වැදී එහි සිටි පිරිසට මරණීය තර්ජන එල්ල කරමින් දේපළවලටද පහර දී පසුව රුපියල් හය කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් සහ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 30ක රන් භාණ්ඩ තොගයක්ද කොල්ලකා පලා ගොස් තිබිණි.

බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද රහසිගත තොරතුරක් මත, මුල්ලේරියාව රෝහල් පාර ක්‍රීඩාංගනය ආසන්නයේ වසර හතරක පමණ කාලයක සිට කුලී පදනම මත පදිංචිව සිටි මෙම සැලසුම්කරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට පත් සැකකරු මීට පෙර එම රැකියා නියෝජිත ආයතනයේ උප නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති අයකු බවය.

අධික ලෙස ණය වී සිටින ඔහු, අදාළ ආයතනයේ හිමිකරුටද රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ණය මුදලක් ලබා දීමට තිබී එය මගහැර සිටි අයෙකි.

මෑතකදී මුල්ලේරියාව ප්‍රදේශයේ විවාහා උත්සවයකදී නියෝජිත ආයතනයේ හිමිකරු විසින් සැකකරුට මුදල් නොදී මගහැරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ බැණ වැදී ඇති අතර, එහිදී ඇති වූ දැඩි ලැජ්ජාව සහ අධික ණය බර හේතුවෙන් ඇති වූ වෛරයක් මත මෙම කොල්ලය සැලසුම් කර ඇති බව සැකකරු ප්‍රකාශ කර තිබේ.

මෙම අපරාධය සඳහා වෙනත් පුද්ගලයන් නොමැතිකම නිසා, සැකකරු මීට වසර කිහිපයකට පෙර නවගමුව පොලිසියේ කම්කරුවකු ලෙස රාජකාරි කළ, පිළියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ උදව් ඉල්ලා ඇත. පසුව එම පුද්ගලයා නවගමුව බෝමිරිය ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනකු මීට සම්බන්ධ කරගෙන තිබේ.

කොල්ලයට මසකට පමණ ඉහතදී සිද්ධමුල්ලේ පිහිටි නිවසේදී මොවුන් සියලු දෙනා එක්ව සාකච්ඡා කර සැලසුම් සකස් කර ඇති අතර, හංවැල්ලේ මූල්‍ය ආයතනයකින් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකට ව්‍යාජ අංක තහඩු සවි කර මෙම අපරාධයට යොදාගෙන ඇත.

කොල්ලයෙන් පසු සැකකරුවන් යළි සිද්ධමුල්ලේ එම නිවෙසටම පැමිණ මුදල් බෙදාගෙන තිබේ.

ඒ අනුව ප්‍රධාන සැකකරුට කෝටි දෙකක්ද, නවගමුව පොලිසියේ හිටපු සිවිල් සේවකයාට කෝටි එකහමාරක් සහ රන් භාණ්ඩ තොගයද, අනෙක් දෙදෙනාට පිළිවෙළින් රුපියල් අසූපන් ලක්ෂය බැගිනුත් ලබා දී ඇත.

සැකකරු ලබාගත් මුදල්වලින් බෝමිරියේ මිතුරියකට ලක්ෂ 50ක් තබා ගැනීමට දී ඇති අතර, තවත් ලක්ෂ 13කින් උගස් තබා තිබූ ඉඩමක් බේරාගෙන, මුල්ලේරියාවේ කාන්තාවන් කිහිප දෙනකුගෙන් ගෙන තිබූ ණය ද බේරුම් කර ඇත.

ඉතිරි ලක්ෂ තුන හැර අනෙක් සියලුම මුදල් මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.

අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන්ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය අතර විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana