
මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්‍රදේශයේ දී අද (9) රාත්‍රී 7.00 ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇත.
කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අඟුලාන ප්‍රදේශයේ පදිංචි මොරටුව නගර සභාවේ සේවය කරන පුද්ගලයෙකු බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලීසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන ආරම්භ කර ඇත.

















































