
ඉදිරි වසර 10 ඇතුළත කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ‘සියලුම මිනිසුන් විනාශවීමේ’සම්භාවිතාව 10%කට වඩා වැඩි ඉඩකඩක් පවතින බව ප්‍රධාන AI ආරක්ෂක පර්යේෂකයෙකු පවසා තිබේ.
කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන අමෙරිකානු සමාගමක් වන Anthropic ආයතනයේ ප්‍රධාන AI ආරක්ෂක පර්යේෂකයෙකු වන Evan Hubinger සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
දැනට පවතින AI මාදිලිවලින් එල්ල වන එවැනි අවදානම අඩු මට්ටමක පවතින බව ඔහු සඳහන් කරයි.
එසේ නමුත්, AI තාක්ෂණය තමා විසින්ම ස්වයං- වර්ධනය කරගනිමින් මිනිසාට වඩා බුද්ධිමත් වන තත්ත්වයකට ළඟා වනු ඇතැයි ඔහු කනස්සල්ල පළ කර තිබේ.
"Anthropic ආයතනය සිය උපරිමයෙන් උත්සාහ කරන බව මම විශ්වාස කරනවා, නමුත් සුපිරි බුද්ධිය (superintelligence) පාලනය කිරීම හෝ එකඟතාවයකට පැමිණීම සඳහා අප සතුව තවමත් සැලසුමක් නොමැති අතර, අප ඒ සඳහා නිවැරදි මාවතක ගමන් කරන්නේද නැහැ," යැයි ඔහු පැවසීය.

















































