header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
Jul 31, 202607:41 PM
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
Mobitel 1278

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

මෙම නඩුව අද (31) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග විය.

එම විනිසුරු මඩුල්ලේ ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු සිය බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතාට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා 855 න් චෝදනා 854 කට වරදකරු කරන බවය.

"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පසුදා එල්ලවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව විත්තිකරුට දැනුම් දී තිබුණා. නමුත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන තිබුණේ නැහැ. ඔහුට බුද්ධි අංශ රැස්වීමක් කැඳවා ගතයුතු පියවර ගැන සාකච්ඡා කරන්න තිබුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව සමඟ සාකච්ඡා කර ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නැහැ. මේ තුළින් විත්තිකරු මෙම ප්‍රහාරය හේතුවෙන් මිනීමැරුම් සිදුවිය හැකි බවට හොඳටම තොරතුරු දනිමින් එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ." ඒ අනුව රාජකාරිය නොකර හැරීම සහ මිනීමැරීමට ආධාර අනුබලදීම යන චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බවත් බහුතර විනිසුරුවරු පැවසීය.

නමුත් සුළුතර තින්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරිය මහතා ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවය.

ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා පැවසුවේය.

කෙසේ වෙතත් බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණීය දණ්ඩනය පනවනු ලැබීය.

MostRead
Mobitel 1278
VideoStories
කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්