header logo
SLIC
සයුරෙන් එතෙර
ඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍යවරයකුගේ සායනයට ගිය රෝගීන්ට HIV සහ හෙපටයිටිස් අවදානමක්
May 13, 202610:24 PM
ඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍යවරයකුගේ සායනයට ගිය රෝගීන්ට HIV සහ හෙපටයිටිස් අවදානමක්
EDEX

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පවත්වාගෙන ගිය දන්ත වෛද්‍ය සායනයක පැවති "දුර්වල ආසාදන පාලන ක්‍රමවේද" හේතුවෙන් එහි ප්‍රතිකාර ලැබූ රෝගීන් දහස් ගණනකට ලේ මගින් බෝවන වෛරස් ශරීරගත වී තිබීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

බටහිර සිඩ්නි හි ස්ට්‍රැත්ෆීල්ඩ් ප්‍රදේශයේ වෛද්‍ය විලියම් ටැම් යටතේ ප්‍රතිකාර ලැබූ රෝගීන් මෙලෙස හෙපටයිටිස් B, හෙපටයිටිස් C සහ HIV වෛරස් වලට නිරාවරණය වී තිබිය හැකි බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ආසාදනය වීමේ අවදානම "අඩු මට්ටමක" පැවතියද, වෛද්‍යවරයකු හමුවී අදාළ රුධිර පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස රෝගීන්ගෙන් ඉල්ලා සිටී.

HIV සහ හෙපටයිටිස් වැනි රෝග දශක ගණනාවක් යනතුරු රෝග ලක්ෂණ නොපෙන්විය හැකි බැවින් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශය පවසයි.

පසුගිය වසර 25 පුරා මෙම වෛද්‍යවරයා රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කර ඇතත්, ඔවුන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නිසි වාර්තා සායනය සතුව නොමැති වීම ගැටලුවක් ව ඇති බව සඳහන් වේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිදු කළ විගණනයකදී මෙම සායනයේ උපකරණ නිසි ලෙස විෂබීජහරණය නොකරන බවත්, පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඉතා දුර්වල බවත් අනාවරණය වී ඇත.

වෛද්‍ය විලියම් ටැම් මේ වන විට විශ්‍රාම ගොස් ඇති අතර ඔහුගේ වෛද්‍ය ලියාපදිංචිය ද අවලංගු කර ඇත.

ඔස්ට්‍රේලියාවේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2018 වසරේදී ද සිඩ්නි හි හෙබර්ෆීල්ඩ් ප්‍රදේශයේ සායනයක රෝගීන් 10,000කට පමණ මෙලෙස පරීක්ෂා වන ලෙස දැනුම් දුන් අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී මෝර්ට්ඩේල් ප්‍රදේශයේ සායනයකදී ද මෙවැනිම තත්ත්වයක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

ප්‍රමිතියෙන් තොර දන්ත සායන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් දැන් දැඩි අවධානයෙන් පසුවෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට