ඉරානයේ කොන්දේසි මැද අද චීන නෞකාවක් හෝමුස් හරහා ගමන් කරයි
March 25, 2026 06:23 pm
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රාකරන නෞකාවලට ඉරානය විසින් පනවා ඇති කොන්දේසි සම්පූර්ණ කළ තවත් නෞකාවක් අද (25) එම සමුද්‍ර සන්ධිය හරහා ගමන්කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙලෙස ගමන්කර ඇත්තේ චීන සමූහාණ්ඩුවට අයත් 'Egret'නමැති ඉන්ධන නෞකාවක් බවය.
කෙසේ නමුත් එම නෞකාව සුපුරුදු මාර්ගයට වඩා ඉරාන වෙරළට සමීපව ගමන් කර ඇති බව සඳහන්ය.
තමන්ට එරෙහිව යුද්ධයට සම්බන්ධ නොවන රටවල නෞකාවලට පමණක් මෙම මුහුදු මාර්ගය භාවිතා කළ හැකි බවට ඉරානය මේ වනවිට කොන්දේසි පනවා තිබේ.
එහෙත් ඒ සඳහා ඉරාන බලධාරීන් සමග කල්තියා සම්බන්ධීකරණය විය යුතු බවට ඔවුන් දැනුම්දී සිටී.
චීනය, ඉන්දියාව සහ පැනමාව යන රටවලට අයත් නෞකා 6ක් ඊයේ (24) දිනයේදීද හෝමූස් පසුකර ඇති බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.
