පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ගැන යෝජනා දෙන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
February 20, 2026 09:44 am
පළාත් සභා ඡන්ද විමසීම කුමණ මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතින්වයෙන් යුත් මෙම කාරක සභාව පත් කිරීමට පියවර ගෙන ඇති බවය.
ඒ අනුව මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍රා, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණආරච්චි, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි, නිසාම් කාරියප්පර් ඇතුළු මහත්ම මහත්මීන් ඒ අනුව මෙම කාරක සභාවට පත් කර තිබේ.
