header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පවතින තත්ත්වය අනුව දිවයින පුරා 25%කට විදුලි සැපයුම බිඳ වැටෙයි
Nov 28, 202504:43 PM
පවතින තත්ත්වය අනුව දිවයින පුරා 25%කට විදුලි සැපයුම බිඳ වැටෙයි
Mobitel 1278

පවතින අයහපත් කාලගුණය හමුවේ සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා පවසයි.

අද (28) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ පවතින තත්ත්වය හමුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමද දුෂ්කර කාර්යක් වී ඇති බවය.

එම විදුලි විසන්දි වීම් යටතේ නැගෙනහිර, මධ්‍යම, උතුරු පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් විසන්දි වීම් වාර්තා වී ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

එමෙන්ම කිලෝවෝට් 132,000ක ධාරිතාවයෙන් යුත් රන්දෙණිගල, රන්ටැඹේ, මහියංගනය අතර ඇති රැහැන් මාර්ගයද මේ වන විට කඩා වැටී ඇතැයිද මෙය යථා තත්ත්වට පත් කිරීම සඳහාද ළඟා විය නොහැකි මට්ටමක් දක්වා පැමිණ ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී සඳහන් කළේය.

තවද පවතින තත්ත්වය යටතේ කොත්මලේ ජල විදුලි බලාගාරය සහ රන්ටැඹේ ජල විදුලි බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇතැයිද පැවසූ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ රන්ටැඹේ බලාගාරය වෙත රොන් මඩ පැමිණීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා,

"ඒ රැහැන් මාර්ගයේ කුළුනක් කඩාගෙන ගිහින් තියෙනවා. එක අලුත්වැඩියා කරනකන් අපිට මහියංගනය, අම්පාර, වවුනියාව ප්‍රදේශවලට විදුලි සැපයීම අපහසුවෙලා තියෙනවා. තවම ටවර් එක වතුරෙන් යටවෙලා තියෙන්නේ ඒ නිසා අලුත්වැඩියා කරගන්න බැහැ අපිට. මීට අමතරව බෝවතැන්න බලාගාරයේ ඉඳලා උකුවෙල දක්වා දිවෙන රැහැන් මාර්ගයේත් කුළුනක් ගැලවිලා ගිහින් තියෙනවා. මේ නිසා බෝවතැන්නෙන් පිටවන ජලය පිටකර ගන්න බැරි නිසා බෝවතැන්න බලාගාරයත් ආරක්ෂිතව තියාගන්න ඕන නිසා විදුලිය විසන්දි කරලා තියෙනවා. මීට අමතරව ඉහළ කොත්මලේ බලාගාරය ඕෆ් කරන්න වෙලා තියෙනවා හේතුව ඒකට එන ජලය මඩ සහිත සහ රෙඩු ගොඩක් එක්ක එන්නේ ඒ නිසා ඒ පවර්ස්ටේෂන් එකත් ඕෆ් කරන්න වෙලා තියෙනවා.

මේ වගේම කොත්මලේ බලාගාරයේ ජෙනරේටර්ස් තුනෙන් එකක් අපිට ඕෆ් කරන්න වුණා වතුර කාන්දුවක් හේතුවෙන් අනිත් දෙක මේ වන විට ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව අනෙකුත් සියලුම බලාගාර මේ වෙනකොට උපරිමයෙන් වැඩ කරනවා. මීට අමතරව රන්ටැඹේ බලාගාරයත් අපිට ඕෆ් කරන්න වෙලා තියෙනවා.

25%-30% ක ප්‍රමාණයකට මේ වෙනකොට විදුලිය නැහැ. නමුත් මේක අපිට හරියටම ගණනය කරගන්න බැහැ මොකද අපි හැමෝම යම් යම් ප්‍රදේශ ආශ්‍රිතව කොටුවෙලා ඉන්නේ. ඒ වගේම නුවර ගත්තාම අපේ ප්‍රාථමික උප පොළක් තියෙනවා ගැටඹේ පන්සල කිට්ටුව ඒක සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙලා තියෙන්නේ. ඒ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාල ප්‍රදේශයට සහ නුවර නගරය ප්‍රදේශයට විදුලිය සැපයීම කරගන්න බැරි වෙලා තියෙනවා.

ඒ වගේම අපි තවත් රැහැන් මාර්ග කිහිපයක්ම අපි ඕෆ් කරලා තියෙනවා. මොකද රැහැන් මාර්ග ජලයට කාන්දු වීමක් සිදුවුණොත් ජීවිත අනතුරු වෙන්න පුළුවන්, අපේ උපකරණවලට හානි වෙන්න පුළුවන් ඒ නිසා අපිට මහජන ආරක්ෂාව පතා විදුලිය විසන්දි කරන්න වෙලා තියෙනවා.

අපි මේ වෙලාවේ තනිකර යොදවලා තියෙන්නේ විදුලි අලුත්වැඩියාව සඳහා. අපි මේ වෙලාවේ සලකා බලන්නෙත් අත්‍යවශ්‍ය ස්ථාන සඳහා විදුලිය සැපයීම ප්‍රමුඛතාව යටතේ. ඉන් අනතුරුව තමා අපිට ගෘහස්තයින් සම්බන්ධව බලන්න වෙන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ සමහර ප්‍රමාදයන් සිදුවේවි අපිට ප්‍රමුඛතාවයන් මත තමා විදුලිය සැපයීම් සිදුකරන්න වෙන්නේ. අපිට ලක්ෂ 70ක් පාරිභෝගිකයින් ඉන්නවා. මේ වෙනකොට විශාල පාරිභෝගිකයින් ප්‍රමාණයකට විදුලිය සැපයීම අහිමි වෙලා තියෙනවා. මේවා අලුත්වැඩියා කරන්න වතුර තත්ත්වය බැහැලා යනකන් ඉන්න වෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්