header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ගල්ඔයට සුළු ගංවතුරක් - මඩකලපුවේ ගංගා ද්‍රෝණි තුනකටත් අනතුරු ඇඟවීම්
Nov 26, 202501:00 PM
ගල්ඔයට සුළු ගංවතුරක් - මඩකලපුවේ ගංගා ද්‍රෝණි තුනකටත් අනතුරු ඇඟවීම්
Mobitel 1278

ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වනවිට උපරිම ජල ධාරිතාවය දක්වා ළඟා වෙමින් පවතින අතර මේ වනවිට සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත.

මෙම තත්ත්වය විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩලච්චේනායි, සමන්තුරෙයි, නින්දවුර්, කරතිව්, සයින්දමරුදු, කල්මුනේ, නවිතන්වේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතුයි.

අද (26) දහවල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර පවසා සිටියේ ඊයේ (25) දිනයේ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 225ක් අම්පාරින් වාර්තා වූ බවය.

මේ වනවිට සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර නොමැති වුවත් සෙසු ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් බිම් ජලයෙන් යටවී ඇතැයි ද සූරියබණ්ඩාර මහතා පැවසීය.

අධික වර්ෂාපතනය හේතුවෙන් මේවනවිට දිවයිනේ ප්‍රධාන වැව් 25ක් සහ මධ්‍ය ප්‍රමාණයේ වැව් 26ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංගා ද්‍රෝණි තුනක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

සෝමාවතිය හා මනම්පිටිය යන ප්‍රදේශයන් අද සවස් වනවිට ජලයෙන් යටවීමට ඉඩ ඇතැයි ද ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා කියා සිටියේය

යාන්ඔය පහළ ප්‍රදේශවල සිටින ජනතාව හා එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන් වඩාත් විමසිලිමත් වන ලෙසත් විශේෂයෙන් කුච්චවේලි, පදවි ශ්‍රී පුර, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල, හොරොව්පතාන, මොරවැව, කහටගස්දිගිලිය හා ගලෙන්බිඳුණුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට විමසිමත් වෙන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර මුන්දෙනි ආරු ගංගා ද්‍රෝණියට ඊයේ රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මුන්දෙනි ආරු ද්‍රෝණියේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුපර්ත්තු හා කෝරලෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුන්දෙනි ආරු ආශ්‍රිත පහත්බිම්වලට මෙතැන් සිට ඉදිරි පැය 48 දක්වා ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මාදුරු ඔය ද්‍රෝණියේ කෝරලෙයි පත්තු, කෝරලෙයි පත්තු බටහිර, කෝරලෙයි පත්තු උතුර, එරාවුර් පත්තු, මහඔය, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, දිඹුලාගල, වැලිකන්ද හා මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මාදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට මෙතැනි සිට ඉදිරි පැය 24 සඳහා ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට