
සටන්කාමී කණ්ඩායමකට අයත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් වයඹදිග පාකිස්තානයේ හමුදා පරිශ්‍රයකට පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථ දෙකක් රැගෙනවිත් පුපුරවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී සිදුවූ දැවැන්ත පිපිරීම් හමුවේ සිවිල් වැසියන් 9 දෙනෙකු මියගොස් ඇත.
සිද්ධියෙන් අවම වශයෙන් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
එරට වාර්තා පෙන්වා දෙන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් පසුව සටන්කාමීන් 12 දෙනෙකු පරිශ්‍රයට කඩාවැදීමට උත්සාහ කර ඇති බවය.



















































