
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජෙයිශංකර් සහ රුසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර හමුවක් සිදුවී තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව මෙම හමුව සිදුවී ඇති බවය.
එහිදී කලාපීය අර්බුද සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවී ඇති බවද වාර්තා වෙයි.



















































